Last Updated on June 8, 2021 by Panduka Herath
ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ දී ප්රදානය රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය දියතලාව රෝහලට ලබා දීමට ලබාදිමට කටයුතු කර තිබේ.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහය වීම සඳහා ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ සම්බන්ධීකරණය ඇතිව මෙම පී.සී.ආර් යන්ත්‍රය ප්රදානය කෙරිණි.
ඒ අනුව අදාළ පී.සී.ආර් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව දියතලාව රෝහලට ලබා දීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි තිබේ.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ ප්රයත්නයට පෞද්ගලික අංශයෙන් ලැබෙන දායකත්වය මෙහි දී අග්‍රාමාත්‍යතුමා ඇගයීමටද ලක් කර තිබේ.

More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!