counter hit xanga
October 21, 2021

Shangri-La පාටියේ තරු පෙනේ! තවත් 7ක් අල්ලයි! අධිකරණය ඉදිරිපිට වැඩ දැමු රියදුරාත් රිමාන්ඩ්!

Last Updated on June 2, 2021 by Panduka Herath

සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 7 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මිට අමතරව

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් ඉකුත් 30 වැනිදා රාතී‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගී ව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය අධිකරණයට කැදවා ඇප ලබාදිමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මතින් පාර හරහා ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කළ පලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරුවරයා අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් ඉකුත් 30 වැනිදා රාතී‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගී ව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත ඊයේ මුදාහැරීමට කටයුතු කළා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 15ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 6 දෙනෙකු ඊයේ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර ඔහුන්ට ඊයේ ඇප ලැබුනේ නෑ.එ වෙනුවට අද එම පිරිස ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දි තිබුනා.

එම පිරිස අතර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගී ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාස නායිකාවක මෙන්ම දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන බාගේෂ්වරී මධුෂිකා ගුණසේකර නමැති තැනත්තියකද සිටි.

චන්දිමාල්ගේ රියදුරු අධිකරණය ඉදිරිපිට මාර්ග නීති කඩමින් ගමන් කල අයුරු!

සබැඳි පුවත්