Last Updated on June 17, 2021 by Panduka Herath
එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට පත් කළ මන්ත්‍රීවරුන් ලබන 22දා දිවුරුම් දීමට නියමිතව බව UNP මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කරන බවයි මහා ලේකම්වරයා සදහන් කළේ.
ඒ අනුව පක්ෂය විසින් නම් කළ නවක මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔහු සදහන් කළා.
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ වෙනුවට නවක මන්ත්‍රීවරුන්ට මෙලෙස පත්වීම් ලබාදෙන බව එජාප මහ ලේකම්වරයා කීය.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!