Last Updated on June 23, 2021 by Desman Chathuranga
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එරෙහි SJB ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෙමළ පක්ෂ අටක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදානමක් ඇති බව වාර්තා වේ.
මනෝ ගනේසන්ගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, රාධක්‍රිෂ්ණන් විසින් නායකත්වය දෙන උඩරට පොදුජන පෙරමුණ සහ දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සංගමය යෝජනාවට සහය දැක්වීමට දැනටමත් තීරණය කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය TNA මේ දක්වා තින්දුවක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තින්දුවක් ගැනිමට කටයුතු කරමින් සිටි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් පොදුජන ජාතික පෙරමුණ සහ විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන ජාතික සන්ධානය සහයෝගය දක්වන ස්ථාවරයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සහ සමස්ත ලංකා මහජන සම්මේලනය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමඟි ජනබලවේගයේ හවුල්කරුවන් වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සංඛ්‍යාව 15 කි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි