Last Updated on November 2, 2022 by Desman Chathuranga
ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තබා ඇත්තේ රටේ ජනාතවගෙන් 10%ක පමණ ඉතා සුළු පිරිසක් පමණ බව වෙරිටේ රිසර්ච් ආයතනය “රට හිතන හැටි” යනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ලබන ජනමත විමසුම් සමීක්ෂණයක් මගින් පෙන්වා දෙනවා.
Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි.
එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ආණ්ඩුව වර්තමානයේ වැඩ කරන ආකාරය ගැන 10%ක පිරිසක් අනුමත කර ඇත. 2022 ජනවාරි මාසයේ එවකට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කළ පිරිස ද 10%ක අගයක් ගත් නමුත් ජුනි මාසය වනවිට එම අගය 03%ක් දක්වා අතිශය පහත අගයකට වැටී තිබිණි.
රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද යන්න විමසීමේ දී ඔක්තෝබර් මාසයේ කරන ලද ජනමත විමසුමේ දී සෑහීමකට පත්වන්නේ යැයි පවසන පිරිස 7%ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය ජනවාරි මාසයේ දී 6%ක් වූ අතර ජුනි මාසයේ දී එය 2%ක් දක්වා පහත වැටී තිබිණි.
ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ඔක්තෝබර් මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 77.9ක (-77.9) ලෙසය (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත) මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.
More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ