Last Updated on May 29, 2021 by Desman Chathuranga
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ GMOA සභාපති ධුරය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් ජයරුවන් බණ්ඩාර මහතා නාම යෝජනා භාර දී තිබේ. ඒ මහතාගේ සභාපතිත්වය යටතේ ලේකම් ධුරයට වෛද්‍ය පාලිත අතපත්තු මහතා නාමයෝජනා භාර දී තිබේ.
මෙම නාමයෝජනා භාර දිම විශේෂත්වයක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් ගෙන කටයුතු කරන වත්මන් සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු පාර්ශවයට වසරය 7කට පසුව නාමයෝජනා භාර දීමයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය GMOA ලබන මස 28 වැනිදා පැවැත්විමට නියමිතව තිබේන අතර සාධාරණ නිලවරණයක් සඳහා ජාතික මැතිවරණ කොමිසමේ උපදේශකත්වය අපේක්ෂා කිරීමට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පාර්ශවය මේ වනවිට කටයුතු කරමින් සිටි.
වසර 7ක කාලයක් ප්‍රතිවාදියකු නොමැති ව නිලවරණයට ඉදිරිපත් වූ පාදේණිය පාර්ශවය මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව සිටින බවද වාර්තා වේ. විශේෂයෙන්ම් පසුගිය කාලසීමාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ GMOA දැඩී ලෙස දේශපාලණීකරණය විමත් අනවශ්‍ය ලෙස සෑම ක්ෂේත්‍රයකටම මැදිහත් විම යන කාරණා හේතුවෙන් වෛද්‍ය ක්‍රියාකාරීන් දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටිමයි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?