Last Updated on April 11, 2021 by Sudesh Madushanka
සිංහරාජය වනාන්තර දෙසට යාබද ඉඩමේ හිමිකරු සමගි ජන බලවේග සංවිධායකගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා අනාවරණය කළා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා අනුර කුමාර සහ සජිත්ට අහියෝග කරමින් කියා සිටියේ කැලෑ කපනවාද? නැද්ද යන්න බැලිමට තමන් සමග පැමිණෙන ලෙසයි.මන්ත්‍රීවරයා අනුර කුමාරට අභියෝග කරමින් කියා සිටියේ අම්පාරයේ වන සංහාරයක් සිදු වන බව ඔප්පු කලහොත් මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වෙනවා බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා …
විපක්ෂය සහ සමඟි ජනබලවේගය විසින් වර්තමාන ආණ්ඩුවේ අනුදැනුම මත විශාල වන සංහාරයක් කරනවා කියන එක තමයි අද ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන්නේ. වැඩියෙන්ම මාධ්‍ය තුළ හරහා යන සිංහරාජ වන විනාශය පිළිබඳ කතා කරන්න කැමති. අපි ඊයේ දිනයේදි සිංහරාජ වනාන්තරයට මන්ත්‍රීවරු 11 ක් ඒ කියපු වන සංහාරයක් වන තැනට ගියා.
ඉතාමත් පැහැදිලිව කියනවා අනුර කුමාර සහ සජිත්ට අහියෝග කරනවා කැලෑ කපනවාද කියන එක බලන්න එන්න කියලා. අපි ඊයේ දිනයේදි ඒ ස්ථානයට ගියාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා නිලධාරිතුමාගේ නිර්දේශය තුළින් උත්තරයක් දි තිබෙනවා. මේ කියන ස්ථානයේ ඉඳලා කිලෝ මීටර් 10 ක් තිබෙනවා මේ සිංහරාජ වන සංරක්ෂණයට. ඔය කපනවා කියන තැන පළමුවෙන්ම පවරලා දිලා තිබෙන්නේ 1946 දීය. 1946 ඉඳලා 8 දෙනෙක් අතර වරින් වර මේ ඉඩම ගිහින් තිබෙනවා.
අපි අහන්න ඕන සමඟි ජන බලවේගයේ නායකතුමාගෙන් අහන්න ඕන ඔබතුමාගේ මෙහි ආසන සංවිධායකතුමාට සිංහරාජය වනාන්තර දෙසට ඒ කියන යාබද ඉඩම තියෙන්නේ සංවිධායකතුමාටයි. ඉස්සරවෙලා ඔබතුමා ගිහින් මුලින් බලන්න මේ කපනවා කියන ඉඩමට යාබද ඉඩම මොකද කරන්නේ කියලා. ඒ ඉඩමත් සංවර්ධනය කරනවා. මේ රටේ තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් මේ වෙලේ මාධ්‍ය ජාලය හරහා මේකට ලොකු ප්‍රචාරයක් දුන්නා. ඇත්තටම සිංජහරාජය කපනවානම් ඒකට විරුද්ධ වන්නේ මුලින් ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණේ මන්ත්‍රිවරු වන අපි වග කියනවා. හැබැයි වගකීමෙන් කියනවා එක ගහක් කපලා නෑ.ඒ නිසා බොරු කියනවා.
2019 මැයි 18 දින මේ රටේ තිබ්බ යුද්ධය අවසන් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ තරුණ තරුණයින්ට ජිවත් වෙන්න නිදහස ලබා දුන්නා. රට සංවර්ධනය කරා. 2015 දි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර ගියේ ත්‍රස්තවාදීන්ට රතිඥ්ඥයක් පත්තු නොකරන්න රටක් ලබා දිලා . ටික කාලයක් යද්දි සහරාන්ල බෝම්බ ගහලා නැවත මේ රටේ ජනතාවට බියක් ඇති කරා.
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා භාරදුන් රට නෙවේ රනිල් අපිට භාර දුන්නේ. රණවිරුවන් ජිනිවා නගරයට ගෙනියන්න හදනවා. අද මේ රටේ අමාරු කාලයේ ලෝකයේ බලවත් රටවලට කොරෝනා වසංගතයෙන් පරාජය වෙලා. ඒත් අපේ රටේ ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිනිය, අගමැතිතුමා සෞඛ්‍ය සේවය එකතුවෙලා ලෝකයේ අද අපි 10 වන තැනට ගිහින් තිබෙනවා. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති කිසිදෙයක් කඩ කරලා නෑ. නැවත සංවර්ධනය ආරම්භ කරා. ලක්ෂයකට රැකියා ලබා දුන්නා. 65,000 උපාධිධාරින්ට රැකියා ලබා දිලා තිබෙනවා. හැම ග්‍රාම සේවා වසකම ගෙවල් හදලා දෙනවා නොමිලේ. ඉතිහාසයේ කවදාවත් නොකරපු දේවල් අපි කරනවා.
බොරුවට අනුරට අභියෝග කරනවා අම්පාරයේ වන කපනවා කියලා. කොතනක හෝ එක අක්කරයක් කපනවනම් මම මේ මන්ත්‍රිධුරයෙන් අස්වෙනවා. ඉතිහාසයේ මේ කතාවලට රැවටුණා. එදා පරිසරය විනාශ කිරීම දැක්කේ නැති අය අද කොහෙ හරි ගහක් කපනවා දැක්කාම ඒක ආණ්ඩුව කරනවා කියලා කියනවා. හැම සෙනසුරාදාවකම ජනාධිපති දුෂ්කර ගම්මානවලට ගිහින් ගැටලු විසඳනවා.
ජනතාවට ඇහුම්කන් දිලා ප්‍රශ්න විසඳනවා. අද මේ රටේ ප්‍රශ්න විසඳෙනකොට විපක්ෂයට බලාගෙන ඉන්න බැරිව ජනාධිපතිතුමා ගමට යන එක නවත්තන්න උපක්‍රමයක් ඔය කරන්නේ කියලා කියනවා. වගා කරන්න පුළුවන් ඉඩම් දෙන්නයි ජනාධිපතිතුමා කිව්වේ. කැලෑ කපන්න නෙවේ කිව්වේ. මේ ලබපු ජයග්‍රහණය පරාජය කරන්න සජිත්ටයි අනුරටයි ඉඩ දෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලනවා.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?