counter hit xanga
March 26, 2023

විපක්ෂයට අභියෝගයක්!

Last Updated on April 29, 2021 by Desman Chathuranga

කොවිඩ් මර්ධනය කිරිම සදහා විපක්ෂය අබමල් රේණුවක දෙයක් සිදුකර ඇත්නම් රට හමුවේ පවසන ලෙස සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂද්‍ර මූල්‍යා ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ අභියෝග කර සිටිනවා.

මැදවච්චිය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ පවතින කොවිඩ් තත්ත්වය සෞඛ්‍ය අංශ සඳහා පාලනය කර ගැත හැකි තත්ත්වයක මේ වන විටත් පවතින බවත් , ක්‍රමාණුකූලව ඉදිරියෙදී ප්‍රථීකාර මධ්‍යස්ථාන වැඩි කරන බවත් මේ තත්ත්වය හමුවේ රජය විසින් ජනතාව සිරකරුවන් ලෙස තැබීමට කිසි සේත් බලා පොරොත්තු නොවන බවයි.

“මේ රටේ තියෙන්නේ කොවිඩ් පාලනයේදී විවේචනයට පමණක් සීමා වූ විපක්ෂයක්. එහෙම විපක්ෂයක් එක්ක තමයි අපි රට පාලනය කරන්නේ. රජයට එරෙහිව විපක්ෂය එල්ල කරන චෝදනා අපට දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි විපක්ෂයට කියන්න කැමතියි විපක්ෂයට චෝදනා වලට පමනක් සීමා වෙන්න එපා කියලා. විකල්ප යෝජනාත් ඉදිරිපත් කරන්න කියලා. අපි අහනවා විපක්ෂය කොවිඩ් මර්ධනයට මේ රට තුළ අබමල් රේණුවක දෙයන් සිදු කරලා තියෙනවානම් කියන්න කියලා. ලෝකයේ සියලුම රටවල් වලින් ගත්තාම කොවිඩ් වශංගතය පාලනය කිරීමේ ක්‍රම වේද විවේචනය කරමින් දේශපාලනීකරණය සිදු කළ විපක්ෂයක් ඉන්න එකම රට අපේ රටයි.”

“දැන් කොවිඩ් 19 වෛරසය ආරම්භයේදීත් මෙවැනිම තත්ත්වයක් තිබුණා. රජය එහිදී ක්‍රිමාණකූලව ප්‍රථිකාර මධ්‍යාෂ්තාන වැඩි කරලා , විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරලා එයට සාර්ථකව මුහුණ දුන්නා. මේ වන විට මෙරට රෝගීන් වැඩි වීමක් සිදු වෙමින් පවතිනවා. රජය ක්‍රමාණකූලව එයටත් මුහුණ දෙමින් සිටිනවා. දැනට පවතින මේ තත්ත්වය අපේ රටේ සෞඛ්‍ය අංශ වලට දරා ගැනීමට හැකි අයුරින් තිබෙනවා. අපේ සෞඛ්‍ය අංශ ප්‍රථිකාර මධ්‍යෂ්තාව ක්‍රමාණකූලව පුලුල් කිරීම හරහා මෙම රෝගය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි වන්නේ රජයටත්, සෞඛ්‍ය අංශ වලටත්, ආරක්ෂක අංශ වලටත් ජනතාව දෙන සහයෝගය අනුවයි.”