counter hit xanga
March 26, 2023

ජේෂ්ඨ පුරවැසියන්ටත් හිතට දැනෙන වෙනසක්?

Last Updated on October 16, 2022 by Desman Chathuranga

අලුතින් ජේෂ්ඨ පුරවැසියන්ට වෙන්වූ තැන්පතු ගිණුම් ආරම්භ කිරීම අත්හිටවූ බව මහ බැකුව නිවේදනය කළා.

ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීරඝ නොකරන බව ද සියලුම වාණිජ බැංකු නිවේදනය කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කළ අතර එම පොලියෙන් ජීවත් වූ ජේෂ්ඨ පුරවැසියන් ප්‍රමාණයක් ලංකාව තුළ ජීවත් වූ බව ප්‍රසිද්ධ කරුණකි.

මේඅතර මේ වන විට සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබ ගත හැකි බව වාණිජ බැංකු විසින් නිවේදනය කර තිබෙනවා.