counter hit xanga
March 28, 2023

රනිල්ගේ නකුට බැසිල් පාගයි! ඇමතිකම් නැත්නම් ගෙදර තමා!

Last Updated on November 19, 2022 by Desman Chathuranga

රාජපක්ෂලාගේ මජර මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් පත්වු ජනාධිපති රනිල්ට අය-වැය ජයග්‍රහණය කිරිමට අවශ්‍ය නම් බැසිල් රාජපක්ෂ විසින් නම්කර යවා ඇති නාමලේඛනයේ සිටින මන්ත්‍රීවරුන් සදහා අමාත්‍යධුර ලබාදිම අනිවාර්යය බව පොහොට්ටුවේ ප්‍රධානියෙකු අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අය-වැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පොහොට්ටුව මෙම අවසන් තීරණය ගෙන ඇති බවත් බැසිල් රාජපක්ෂ සඳුදා යලි පැමිණිමෙන් පසුව මේ සම්බන්ධයෙන් රනිල් සමග සාකච්ඡා කරන බවත් එහිදි ලැබෙන තීරණයි අනුව ඉදිරි දේශපාලන තත්ත්වය තීරණය කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ජොන්ස්ටන්, රෝහිත , නාමල් ඇතුළු ප්‍රබල පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් රනිල්ට මේ වනවිටත් අය-වැය ඡන්දයට පෙර කැබිනට් සංශෝධනයක් අවශ්‍ය බවත් එසේ නොවුනහොත් අයවැය සම්බන්ධව ගැටලුවක් ඇති විය හැකි බවත් දැනුම් දි තිබේ. අදාළ පොහොට්ටු ප්‍රධානියා සදහන් කළේ ජනපතිට යවා තිබේන නාම ලේඛනය මාධ්‍යයට අනාවරණය කිරිමට කටයුතු කලහොත් සමහරවිට රනිල්ට ගෙදර යැමට පවා සිදුවිය හැකි බවයි.

බැසිල් පැමිණීමෙන් පසුව වහාම සාකච්ඡා කර අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නම් අයවැය අවසන් වූ වහාම තමන් නම් කළ මන්ත්‍රී කණ්ඩායමට කැබිනට් ඇමති ධූර සහිතව කැබිනට් සංශෝධනය සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබා දිය යුතු බව දැනටමත් රනිල්ට දැනුම් දි ඇති බවයි.