counter hit xanga
March 26, 2023

හොරු පන්නන දිනය 9ය! කොමිසමට එරෙහිව කුමන්ත්‍රණයක්!

Last Updated on January 21, 2023 by Desman Chathuranga

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී අවසන් කර තිබේ.

කෙසේවෙතත් මැතිවරණයට දින නියම කලදමැතිවරණය පැවැත්විම තවමත් නතරකිරිම සදහා ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් තවමත් කටයුතු කරමින් සිටින බවයි මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ.

මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අවුරුදු තුනක් හිරේට යැවිය හැකි බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ සදහන් කළා.කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයට අයවැයෙන් කල්තියා මුදල් වෙන් කර ඇතැයිද ප්‍රකාශ කළේය.