counter hit xanga
March 28, 2023

13න හකුලන්න ආණ්ඩුවේන් කුමන්ත්‍රණයක්! රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!

Last Updated on February 3, 2023 by Desman Chathuranga

13 වන සංශෝදනය බලාත්මක කිරිමට එරෙහිව බළල් අතක් ලෙස නැවතත් “සිංහල බෞද්ධ” ගැටුම ඉහලට එසවිමේ දේශපාලන කුමන්ත්‍රණය යලිත් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය

කළා.උතුරු පළාතේ ආණ්ඩුවට හිතවාදි ප්‍රධාන සංඝනායකහිමියන් සහ තවත් දේශපාලන ක්‍රියාකාරී හිමිවරුන් රැසක් පෙරේදා හදිසියේම කොළඹට කැදවා මේම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේන බවයි ඔහු අනාවරණය කළේ.ඒ අනුව උතුරු නැගෙනහිර ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සහ ඒ ආශ්‍රිතව තිබෙන හමුදා කදවුරු මෙන්ම කෞතුක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරගැනිමේ මුවාවේන් මෙම කුමන්ත්‍රණය මෙහෙයුම දියත් කර තිබේ.

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කලහොත් ඒ හරහා ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සහ කෞතුක වටිනාකමක් සහිත ඉඩම් අහිමිවන් බව පවසමින් ඉදිරියේදි දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය හරහා දියත් කිරිමට කටයුතු කර තිබේන අතර ඒ සදහා ආණ්ඩු ගැතී හිමිවරුන් භාවිතා කිරිමටද කටයුතු කරමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

මේ අතර එම මෙහෙයුමේ කොටසක් ලෙස උතුරු නැගෙනහිර ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සහ සංවර්ධන උදෙසා පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස සිව්නිකායික මහානායක හිමිවරු ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමුකර තිබේ.උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරු විහාරස්ථානවල මෙන් ම ප්‍රදේශයේ ආරක්ෂාවට ද වැදගත් හෙයින් ඒවා ඉවත් කිරීමටකටයුතු නොකරන ලෙස ද මහානාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන නාහිමි,අමරනිකායේ මහානායක දොඩංපහළ චන්ද්‍රසිරි නාහිමි, රාමාඤ්ඤ නිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමි මෙම ලිපිය සඳහා අත්සන් කොට තිබේන බවයි අනාවරණය වන්නේ.

රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!

මිට අමතරව 13 වෙනි සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරිමේ සුදානමක් පවතින බවද වාර්තා වේ. ඒ සදහා පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා පවත්වමින් සිටින බවත් එය මාතෘකාවක් බවට පත්කරගනිමින් ඉදිරියේ දේශපාලන කටයුතු මෙහෙයවිම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස වි තිබේ.ඊට අදාළ ප්‍රචාරක කටයුතු ඉදිරියේදි කරළියට පැමිණිමට නියමිත අතර ඉතාම නුදුරේදීම පොස්ටර් වටයක් රටපුරාම ඇලවිමටද නියමිතයි.

පොහොට්ටුවේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබුනේ 13 වෙනි සංශෝධනය කරළියට ගෙනැම පසුපස ඇති රහස පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනතාව අතර පැමිණිමට අවශ්‍ය අවකාශය සාදාදිම බවයි.ඒ සම්බන්ධයෙන් අනාවරණයක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු නැත්නම් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි

ජාතිවාදී පදමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට යලි අදහස් පලකිරිමට ඉඩ සාදමින් ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) සර්ව පාක්ෂික හමුවක්ද කැදවා තිබු අතර එහිදි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ

“විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.”

“13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි. ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න කියලා ඉදිරිපත් කරන්න. ඊට බහුතරයක් අකමැති වුණොත් මොකද කරන්නේ. එවිට 13වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.”

“මම කටයුතු කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුවයි. විශේෂයෙන් පාලින්ද රණසිංහ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීන්දුව. එතනට සීමා වුවහොත් ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයකයි ඉන්නේ.

මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. නමුත් බලතල බෙදා දීමට එකඟයි. දැන් අප පිහිටුවාගෙන තිබෙන පළාත් සභාවට ලන්ඩන් නගර සභාවට තිබෙන බලතලවත් නෑ. ලන්ඩන් නගර සභාවට මීට වඩා බලතල තිබෙනවා. එහෙම නම් මෙය ෆෙඩරල් රාජ්‍යයක් කියා කෙසේවත් කිව නොහැකියි.”

“මෙය ෆෙඩරල් රාජ්‍යයක් නොකරන්න ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, නීතිඥවරු එක්ව බොහෝ දේ සිදු කළා. ‍ මෙතෙක් සිටි හැම ජනාධිපතිවරයෙක්ම 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් එය ක්‍රියාත්මක නොකරනවා නම් අප එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි.”

13 වැනි සංශෝධනය | බලය බෙදීමේ පොරොන්දුවක්! සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අසමත් වීම, බලය බෙදාගැනීම සම්බන්ධයෙන් සිංහල සංස්ථාපිතයේ පෙනෙන අනාරක්ෂිත බව සිහිගන්වන්නක්!

පසුගියදා කොළඹට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, බලය බෙදීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම “තීරණාත්මක” බවට ඉන්දියාවේ “සැලකිය යුතු අදහස” ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බෙදා ගත් බව නොරහසකි.

1978 දී සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ දක්වා සංශෝධන 21ක් ඇති නමුත්, තර්ක කළ හැකි පරිදි, මේ තරම් මතභේදාත්මක කිසිවක් නැත. අගමැති රජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර මාස ගණනාවකට පසු 1987 නොවැම්බරයේදී සම්මත කරන ලද 13 වැනි සංශෝධනය දිවයිනේ පළාත්වලට බලය බෙදා හැරීමේ මිනුමක් පිළිබඳ එකම ව්‍යවස්ථාදායක සහතිකයයි. එය රට පුරා පළාත් ආණ්ඩු පිහිටුවීම සඳහා සැපයීය අතර ඒ අනුව පළාත් සභා නවයක් පිහිටුවා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කිරිමටද කටයුතු කළා.