Last Updated on September 24, 2022 by Desman Chathuranga
මහින්ද රාජපක්ෂ නැවතී සිටින නිල නිවාසය අත්පත් කර ගැනීමට ජනතාව විසින් රටින්ම පන්නා දැමු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ සදහා ජනතා කැමත්තකින් තොරව අටවන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහය ලබාගෙන තිබේන බවයි ඔහු අනාවරණය කළේ.
ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින සුගීස්වර බණ්ඩාර විසින් පසුගිය 05 වෙනිදා “07වන විධායක ජනාධිපති තුමාගේ නිල නිවස සම්බන්ධව” යනුවෙන් ලිපියක් අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ වෙත යොමු කර තිබේ. එම ලිපියෙන් දන්වා ඇත්තේ 05වන විධායක ජනාධිපති එනම් මහන්ද රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 බෞද්ධාලෝක මාවගේ අංක බී 20 දරන නිල නිවසින් මහින්ද රාජපක්ෂ නික්ම ගිය දිනක එම නිවස යලි ලබාදෙන ලෙසය.
පසුගිය මැයි 09 වෙනි දින මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් පලවා හැරිය පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව රැඳී සිටියේය. ඉන් පසුව නැවත කොළඹ පැමිනීම සඳහා ආරක්ෂිත නිල නිවාසයක් ලෙස බී 20 දරන මෙම නිවස තෝරාගෙන තිබිණි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?