counter hit xanga

එපා කියද්දි නුවරඑළියට මහ සෙනඟක්!

Last Updated on April 24, 2021 by Desman Chathuranga

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම මෙන්ම සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණිමෙන් වැලකි සිටින ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් කොරොනා මර්ධන කමිටුවේ සභාපතිවරයාද ඉල්ලා සිටියදි එම ඉල්ලිම් නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි බව අප වාර්තාකරුවන් පවසයි.

නුවරඑලිය මහ නගර සභාව විසින් කලින් යොදාගෙන තිබු මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බව දකින්නට ඇති අතර නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද වාර්තා වේ.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අදින් ආරම්භ වූ දීර්ඝ සති අන්තයේ රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වලකින ලෙස ඊයේ දිනයේදී කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් ප්‍රධානී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබුවද ඊට කිසිදු අයුරකින් මහජනතාව සහය නොදෙන බව මෙම සංචාර සාක්ෂියක් වෙනවා.

සෞඛ්‍ය අංශ ඉල්ලිම් නොතකා අනවශ්‍ය අකාරයට ගමන් කරන කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඔහුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

ජායාරූප සහ නුවරඑළියේ වාර්තාව -හැටන් රංජිත් රාජපක්ෂ-