counter hit xanga
October 18, 2021

කොරෝනා ගැන පච කියන කවුද මේ රවී! ජලනි ආර්යාවගේ කොරෝනා සාදයක් ගැනත් එලියට!

RaviK lankaecast

Last Updated on May 6, 2021 by Panduka Herath

රාජිත සේනාරත්නගේ නූල් සූත්තරවලට අනුව නැටවෙන රවී කුමුදේශ්, වැනි අයගේ අවර ගණයේ විවේචන භාර ගැනීමට සූදානම් නැති බව සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නා.

කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්සභාව කල් තබන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සාධනීය විවේචන ඉදිරිපත් කරන රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය වැනි සංගම්වල විවේචන භාර ගැනීමට කිසිදු පැකිලීමක් ආණ්ඩුවේ පාර්ශ්වය තුළ නැති බවයි.

රට පත්ව තිබෙන අවදානම් අවස්ථාවේදී බාල ගණයේ දේශපාලනයක යෙදෙන රාජිත සේනාරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැන්නවුන්ට ද පාඨලී චම්පික රණවක වැන්නවුන්ට ද ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කළේ පාර්ලිමේන්තු විවාදයේදී කිසිදු සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ විපක්ෂයේ අසමත්කම නැවත වරක් රට හමුවේ ප්‍රදර්ශනය කළ බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පවත්වා ඇති බවටද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා චෝදනා කර සිටි අතර අදාළ උපන් දින සාද පැවැති ස්ථාන, පැමිණි පිරිස, එමගින් ආසාදිත පිරිස පිළිබඳ ව ද තොරතුරු ඇතත් එම පෞද්ගලික කරුණු හෙළි කරන තැනට තමන් නොවැටෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජලනී ප්‍රේමදාසගේ උපන්දින සාදය ගැන රාජ්‍ය ඇමති කී කතාව …