Last Updated on June 21, 2021 by Desman Chathuranga
පාසල් අධ්‍යාපන කටයුතු Online ක්‍රම මගින් සිදු කර ගැනීමට internet (අන්තර්ජාල) පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (ජූනි 21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන ලෙස පසුගිය 17 වන දා සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම මධ්‍යස්ථාන හඳුනා ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා සදහන් කළා.
අදාළ මධ්‍යස්ථාන උදෑසන 7.00 සිට ප.ව. 3.00 දක්වා විවෘත කිරීමට නියමිත බවත් මධ්‍යස්ථානයක්ට පරිගණක, ලැප්‍ටොප් පරිගණක සහ ටැබ් 10කින්වත් සමන්විත වන ලෙස සකස් කරන ලෙසට උපදෙස් ලබාදි තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?