Last Updated on April 20, 2021 by Desman Chathuranga
වරාය නගරය චීන කොලනියක් වෙනවායැයි පැවසීම මුළුමනින්ම පදනම් විරහිත කතාවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කුරුණෑගල සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගාලු මුවදොර අසල මුහුද ගොඩකර වරාය නගරය ඉදිකලේ රට සංවර්ධනය කිරීමේ අරමුණින් මිස සරුංගල් අරින්න නොවන බවයි.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අමාත්‍යවරයා
‘1978 දී මහා කොළඹ ආර්ථික කොමිසම යටතේ කටුනායක නිදහස් වෙළඳ කලාපය උපාලි විජේවර්ධනගේ නායකත්වය යටතේ පිහිටුවන විට මේ වගේම කතා කිවුවා. බොරු බිල්ලො මැවුවා.අපනයන සැකසුම් කලාප (EPZ ), කාර්මික උද්‍යාන (IPZ) සහ වතු ඇතුළු විශේෂ ආර්ථික කලාප (SEZ) දැන් අපට තියෙනවා. අප සතුව දැනට රට පුරා අපනයන සැකසුම් කලාප 12 ක් සහ කාර්මීක උද්‍යාන තියෙනවා. ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික කලාප ඉතා වැදගත් එදා මහ කොලඹ ආර්ථික කොමිසම මගින් කටුනායක අපනයන සැකසුම් කලාපය පිහිටුවන විට ඇති වූ බය බියගම සහ කොග්ගල කලාප පිහිටුවන විට තිබුණෙ නෑ. මේ වරාය නගරයත් තවත් විශේෂ ආර්ථික කලාපයක්.වරාය නගරය තුල බදු නිදහස් කිරීම් සහ ආයෝජකයින් සඳහා වැඩි ආකර්ෂණයක් ලැබෙන පරිදි සකස් කල විශේෂ ආර්ථික කලාපයක් .
පසුකාලීනව ආයෝජන මණ්ඩලය බවට පත් වූ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේදී මෙන් වරාය නගරය පාලනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ සඳහා රජය විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂ කලාපයකට වෙනත් රටක ජනපදයක් බවට පත්විය නොහැකියි..
UNCTAD විසින් විශේෂ ආර්ථික කලාප හඳුනාගෙන ඇත්තේ ‘මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් ලබාදීමෙන්ආ යෝජකයින්ට පහසුකම් සපයන ප්‍රදේශයක්’ ලෙස වන අතර එවැනි කලාප බොහෝ සංවර්ධිත හා බොහෝ සංවර්ධිත ආර්ථිකයන්හි බහුලව භාවිතා වෙනවා.
ඒ හා සමාන සීමා සහිත ප්‍රදේශවල රජයන් මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් භාවිතා කරමින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පහසුකම්ද සපයනු ලබනවා.ලොව පුරා ආර්ථිකයන් 147 ක් තුළ මෙවැනි විශේෂ ආර්ථික කලාප 5,383 ක් පමණ තියෙනවා. “එම රටවල කිසිවකටත් ඔවුන්ගේ හෞමික අඛණ්ඩතාව අහිමි වී නැති අතර ඔවුන්ගේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙලත් නෑ. අපට දැනටමත් විශේෂ ආර්ථික කලාප ඇති අතර ඉන්දියාවේද ඒවා තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත හරහා වරාය නගරය චීන යටත් විජිතයක් බවට පත්වනු ඇතැයි පැවසූ බවට මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා …
පනතේ කොතැනකවත්, වරාය නගරය චීනයේ කොලනියක් බවට පත්කිරීමට රජය කටයුතු කරලා නෑ.පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුව පැවැත්වීම වෙනුවට කණ්ඩායම් රැස්වීමේදී වරාය නගරය ගැන සිය අදහස් ඉදිරිපත් කලා නම් වඩා හොද බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් ඔහුට බෞද්ධ සාහිත්‍යයේ උගන්වා ඇති දේ අනුගමනය කරන්න තිබුණා.ගෙදර ගිනි පිටත නොදෙන්නත් එලියෙ ගිනි ඇතුලටත් නොගන්නත් තිබුණා යැයි අමාත්‍යවරයා පැවසීය.
cialis paypal bezahlen buy tadalafil
ivermectin 18mg cost of stromectol medication
generic cialis 30 pills 20mg cialis pills
https://withoutprescription.store/# carprofen without vet prescription
https://erectionpills.best/# ed medication