Last Updated on May 11, 2021 by Panduka Herath
කොළඹ – මහනුවර (A001) මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කි.මි 55.7 දුර කොටස් 4 ක් යටතේ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ (Asian Development Bank) පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කර අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙහි පළමු කොටස ලෙස පස්යාල සිට අඹේපුස්ස දක්වා කි.මි 14.9ක මාර්ග කොටස රුපියල් මිලියන 1603ක් වැය කර ඉදි කෙරේ. කි.මි 12.9ක් වන අඹේපුස්ස සිට කෑගල්ල දක්වා දෙවන කොටස රු.මිලියන 1507 ක් වැය කර ඉදි කරන අතර කෑගල්ල සිට මාවනැල්ල දක්වා කි.මි 13.9ක තෙවැනි මාර්ග කොටස රු.මිලියන 1345 ක් වැය කර ඉදි කරයි. හතරවන කොටස ලෙස මාවනැල්ලේ සිට කඩුගන්නාව දක්වා කි.මි 14ක මාර්ග කොටස රුපියල් මිලියන 1630ක් වැය කර ඉදි කරනු ලබයි.
මෙම සියලුම කොටස් මාස 18ක කාලයක් තුල අවසන් කිරීමට කොන්ත්‍රාත් සමාගම් වලට ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩව්.ආර් පේමසිරි මහතාට හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතාට උපදෙස් ලබා දී ඇත.
මේ වන විටත් කොළඹ – මහනුවර ( A 001 ) මාර්ගයේ කොළඹ සිට පස්යාල දක්වා කි.මි 44.3 ක මාර්ග කොටස පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය අවසන් කර ඇත.
ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ මහජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීම රජයේ වගකීම වේ. ඒ අනුව අවම මාර්ග තදබදයකින් කෙටි ගමන් කාලයකින් ප්‍රමාදයකින් තොරව තමන්ගේ ගමනාන්තය වෙත ළඟාවීම සෑම පුරවැසියෙකුගේම කැමැත්ත වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමට යටිතල පහසුකම් වර්ධනය කළ යුතුයි. ඒ අනුව මෙරට මාර්ග පද්ධතිය දිනෙන් දින සංවර්ධනය විය යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති චමින්ද අතලුවගේ මහතා විසින් කොළඹ – මහනුවර ( A001) මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කොටස පුලුල් කර සංවර්ධනය කිරීම සඳහා මාර්ගය ඉදිකිරීම් සමාගම් වෙත කොන්ත්‍රාත් ප්රදානය කිරීම ඡායාරූපයෙන් දැක්වේ.

[url=http://cheapdrugs.store/#]erectial disfunction[/url]
stromectol price usa stromectol for humans for sale stromectol for sale
cialis manufactured in canada generic tadalafil 20mg india
stromectol price ivermectin 5 mg
generic cialisw generic version of cialis
cialis 36 canada generic version of cialis