Last Updated on April 22, 2021 by Panduka Herath
වසර 10ක දී රිය අනතුරුවලින් 27,000ක ප්‍රමාණයක් මියගොස් ඇති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා.විවිධ වූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට සුදුසු උපකරණ භාවිතය සම්බන්ධව රේඛීය අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා සංවිධාන සමග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමට එක්වු අවස්ථාවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර තිහක් පැවති යුද්ධයේදී ජීවිත අහිමි ව ඇත්තේ 29,000ක ජිවිත ප්‍රමාණයක් බවයි.
රටතුල සිදුවන 48% ක් රිය අනතුරු සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරිම තුළ බවත් එම අනතුරුවලින් 50% වඩා වැඩි ප්‍රතිශතයක් ගංජා, අයිස්, කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන මාර්ග නීති උල්ලංඝනය කිරීම් වන බව මේ වනවිට අනාවරණය වි තිබේ.
මෙම රැස්වීම සඳහා සහභාගි වූ විවිධ ආයතන නියෝජිතයන් දැනට මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිත වන උපකරණ පිළිබඳවත්, වර්තමානයේ ලෝකය පුරා මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිතා කරන ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කිරිම් කර තිබේ.
ක්ෂණයකින් මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හඳුනාගත හැකි උපකරණ භාවිතා කිරීම පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුව් ඇති අතර මාර්ග අනතුරු අඩු කිරීම සඳහා මෙම උපකරණ කඩිනමින් භාවිතයට ගැනීම සියලු දෙනාගේ ප්‍රධාන අරමුණ වි තිබේ.
https://buystromectolon.com/ – Stromectol
Priligy
[url=http://cheapdrugs.store/#]herbal ed[/url]
generic propecia usa finasteride for sale finasteride online