counter hit xanga

කොවිඩ් 19 පාලනයට ග්‍රාමීය කමිටු සක්‍රීය කරයි.

Last Updated on April 30, 2021 by Desman Chathuranga

කොවිඩ් 19 පාලනය සදහා සහාය දීමට ග්‍රාමීය කමිටු සක්‍රීය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. අද (30) දින වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වත්තල ආසනයේ කොවිඩ් පාලන සාකච්ජාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනයට කටයුතු කරමින් සිටින බවයි.

කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ හා අදාළ විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු යටතේ අදාළ පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එහිදි සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ කොවිඩ් 19 පළවෙනි හා දෙවැනි රැල්ලට වඩා තුන්වෙනි රැල්ල පාලනය වඩාත් අභියෝගාත්මක වී ඇති අතර එය පාලනය කිරීම සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත අපගේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

වසරකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි කැපවීමක හා වෙහෙසර කාර්යයක නිරත වන අතර ඔවුන් කරනු ලබන මෙම මහගු සේවාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බවද ඔහු එහිදි පෙන්වා දුන්නා.

වත්තල ආසනය තුළ 25,355 ක් එන්නත්කරණ කටයුතු සිදු කර තිබේන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්තල ආසනය තුළ කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය ප්‍රවාහන හා කාර්ය මණ්ඩල අවශ්‍යතා වත්තල ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දීමට තීරණය කරනු ලැබුවා.

එමෙන්ම ආසාදිත හා නිරෝදායනය වන නිවෙස් වලට රජය විසින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රමාදයකින් තොරව ලබා දීමට,කොව්ඩ් පාලන කටයුතු මෙන්ම ඩෙංගු පාලනය හා අනෙකුත් සායනික කටයුතුද බාධාවකින් තොරව පවත්වාගෙන යාම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

සෞඛ්‍ය විශේෂඥයින් විසින් දෙනු ලබන උපදෙස් මත රට වසා දැමීම හෝ නොදැමීම රජය විසින් තීරණය කරනු ලබන අතර ඒ තීරණය කෙසේ වෙතත් කොවිඩ් 19 පාලනය සදහා සහාය දීමට ග්‍රාමීය කමිටු සක්‍රීය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.