Last Updated on June 1, 2021 by Desman Chathuranga
X-Press Pearl නැව ගිනිගැනීමත් සමග මුහුදට එකතුවූ අහිතකර රසායන ද්‍රව්‍ය හේතුවෙන් මසුන්ගේ සිරුරු තුලට විස ඇතුළු වී ඇති බවට ගෙනයන විවිධ ප්රචාරයන්ට අභියෝග කරමින් පිටිපන ධීවරයෝ පිටිපන ලෙල්ලමේදී අද 1 දින ප්‍රසිද්ධියේ පිසින ලද නොගඹුරු මුහුදෙන් අල්ලාගත් මාළු ආහරායට ගත්තා.
31 දින රාත්‍රියේ එක්දින කුඩා යාත්‍රා වලින් මුහුදු ගිය ධීවරයන් විසින් නොගැඹුරු මුහුදේදී අල්ලන ලද මිමැටි කරමොලා, මුරල්ලා, තෝරා, දැල්ලා, හුරුල්ලා, පසුම්බියා ආදී මාළු වර්ග රැසක් එකතුකර මෙම කිරි මාළුව සකස්කර තිබිණි.
මෙවැනි කටයුත්ක සංවිධානය කිරමේ පරමාර්ථය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිටිපන මීසමේ ධිවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා.
“වාරකන් කාලයේදී මියගිය මසුන් එකාදෙන්නා වෙරළට ගොඩ ගැසීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. පසුගිය දිනවල මාධ්‍ය මගින් පෙන්වනු ලැබූ මසුන් කිහිපදෙනා එලස මියගිය මසුන් වියහැකියි. ව්ශාල රංචු වශයෙන් මියයනවනම් ඒක අසමාන්‍යය තත්වයක්.
මාළුන්ගේ සිරුරුවල විස රසායන ද්‍රව්‍ය තිබෙන බව ප්‍රකාශ කරන්න රසායනාගාර පරීක්ෂණයක් කල යුතුයි. පහුගිය දවස්වල කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතුව විවිධ පුද්ගලයන්ගේ මතයන් සහ අදහස් ප්‍රචාරය කිරීමෙන් මාළු පරිභෝජනය කරන ජනතාව තුල අනිසි බියක් ඇතිවුනා.”
අපි අද ලෙල්ලමේදී පළමුවරට මාළු උයලා ප්‍රසිද්ධියේ ආහාරයට ගත්තේ ජනතාවගේ මේ අනිසි බිය නැති කිරීම සදහා යැයිද අරුණ රොෂාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.


More Stories
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!