counter hit xanga
June 26, 2022

ඡන්ද විමසීමේ ක්‍රමය ගැන එකඟතාවක්!

මිශ්‍ර ජන්ද ක්‍රමයේ මූලධර්මය පදනම් කරගනිමින් මැතිවරණය ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ජා පැවැත්වීමටද එහිදී එකඟතාව පළවිය.

Last Updated on June 21, 2021 by Panduka Herath

මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට මැතිවරණ හා ජන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණට අදාළව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වු අවස්ථාවේ එම එකඟතාව ඇති කරගෙන තිබේ.

මිශ්‍ර ජන්ද ක්‍රමයේ මූලධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ජා පැවැත්වීමටද එහිදී එකඟතාව පළවිය.

මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිමට අදාළව පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් කාරක සභාව ඉල්ලා සිටී.

යෝජනා sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ

ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වේ.