Last Updated on June 10, 2021 by Desman Chathuranga
සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව‘‘ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් හෙතුවෙන් මෙම පියවර ගන්නා බවයි පක්ෂ මහ ලේකම්වරයා සදහන් කළේ.
පක්ෂයෙන් එලවාදමන මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා හරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් වහාම පත්කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදි ඇති බවයි මහලේකම්වරයා සදහන් කළේ.
පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කරන බවද ඔහු සදහන් කර සිටියා.
ඉකුත් මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළැයි කියන සිද්ධියකට පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 69 දෙනකු ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළේය.
එම පෙත්සම් සමග ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තර කාර පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විජිත් මලල්ගොඩ, එල්.ටී.බී දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි .
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි