Last Updated on May 11, 2021 by Panduka Herath
රටේ පවතින තත්ත්වය හමුවේ පොලිස් සේවයේ සියලුම නිවාධු ලබන 30 වැනිදා දක්වා අවලංගු කිරිමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කර තිබේන බවයි මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේ.
කෙසේවෙතත් කිසියම් පොලිස් නිළධාරියෙකු හුදකලා කරන ලද ප්‍රදේශයක ජිවත් වන්නේ නම් ඔහු සේවයට වාර්තා කල යුතු නැති බවද ඔහු එහිදි සදහන් කළා. අද රාත්‍රීයේ සිය කොරෝනා මර්දන නීති දැඩි ලෙස ක්‍රියාත්මක වන බවත් නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කර සිටියා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න