counter hit xanga

බදුර්දීන් නිවැරදිනම් බය වෙන්න දෙයක් නෑ

Last Updated on April 27, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව චොදනා එල්ල වී ඇති සියළුම අයට තරාතිරම නොබලා ඉදිරියේදී දඩුවම් ලබාදීමට රජයක් හැටියට පියවර ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසයි. නුවරඑළියේ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා නිවරදිනම් ඔහුට අධිකරණයෙන් ඇප ලැබෙනු ඇති බවයි.

“මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය දේශපාලන පළි ගැනීමක් නොවෙයි. පාස්කු කොමිෂ හමුවේ හෙළිදරව් වු කරුණු හමුවේ හා අපරාධ විමර්ශණ අංශය විසින් සොයා ගත් කරුණු මතයි සිදුව ඇත්තේ. රජයක් හැටියට අපි කිසි දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආවට ගියාට අත්අඩංගුවට ගන්නේ නැහැ.”

“ඉදිරියේදී රජයක් හැටියට පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ සියළුම දෙනාට දඩුවම් ලබා දී කාදිනල් හිමිපාණන්ටත් කතෝලික ජනතාවටත් සාධාරණයක් ඉටු කරනවා. ඒ සඳහා ජනාධිපතිවරයාත් ආණ්ඩුත් කටයුතු කරනවා.”

“රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා නිවරදිනම් ඔහුට අධිකරණයෙන් ඇප ලැබේවී. නමුත් එතුමා යම් කිසි වරදක් සිදු කොට ඇත්නම් අධිකරණයෙන් දඩුවම් ලැබේවි”

සටහන හා ඡායාරුප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක