Last Updated on June 24, 2021 by Panduka Herath
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විපක්ෂය, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ SLFP සහාය නොදෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (23) පරිසර අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙය ඇමැතිවරයා විසින් ගෙන ආ පෞද්ගලික යෝජනාවක් නොවන බවයි.
එම යෝජනාව ජීවන වියදම් කමිටුව විසින් ගත් තීරණයක් බව පැවසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මූල්‍ය තත්ත්වයේ තිබෙන බරපතළකම් ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට පෙන්වාදී කැබිනට් මණ්ඩලය විසින් එය ජීවන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ පියවර ගත් බවයි.
“ඉන්ධන මිල පිළිබඳ අප සැම දෙනාටම ප්‍රශ්නයක් තිබෙන බව සත්‍යයක්. ගම්මට්ටමින් වගේම ජනතාවට මෙයින් ප්‍රශ්න පැන නැඟලා තියෙනවා. මා එය පිළිගන්නවා. නමුත් මෙය එක් ඇමැතිවරයකුගේ වුවමනාවට වූ දෙයක් නොවේ. ඒ නිසා ඔහුට එරෙහිව කටයුතු කරන්නට අප පක්ෂය සූදානම් නැහැ. ජනතාවට මේ අවස්ථාවේ අමාරුකම් තිබෙන බව මම පිළිගන්නවා. රටේ මූල්‍ය තත්ත්වයේ තිබෙන බරපතළකම මත මේ තීන්දුව ගෙන තිබෙනවා.”
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න