counter hit xanga
October 26, 2021

සුමන්තිරන්ගේ ප්‍රකාශයට අමුණුගමගෙන් සෑර පිළිතුරක්!

Last Updated on June 6, 2021 by Panduka Herath

ජනතාවට සයනයිඩ් එන්නත් කරන්න ත්‍රස්තවාදීන්ට උදව් කළ අය අද කොවිඩ් එන්නත් මිලට ගැනීම සඳහා මුදල් ඒකතු කරන උත්සහ කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.මහනුවර මහයියාව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ඔවුන්ගේ මුදල්වලින් කොවිඩ් එන්නත් ලබා ගන්න ආණ්ඩුවට අහේනියක් නැති බව බවයි.

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පසුගියදා කල ප්‍රකාශය…

ශ්‍රී ලංකාවට යම් ප්‍රමාණයක් ලබා දීම සඳහා අතිරේක එන්නත් ලබා දෙන රටවල් ඉල්ලා සිටිමට තම පක්ෂය හැකි බවත් ඒ සදහා රජයේ අවසරය අවශ්‍ය වන බවත් TNA දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබුනා. මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුනේ කෝවිඩ් -19 හි තුන්වන රැල්ල හමුවේ, ශ්‍රී ලංකාවේ භයානක තත්වයක් අවදි වී ඇති බවත් එවන් තත්ත්වයක වුවද එන්නත් කිරීමේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

දේශපාලන පක්ෂයක් වශයෙන් තම පක්ෂයට ශ්‍රී ලංකාවට යම් ප්‍රමාණයක් ලබා දීම සඳහා අතිරේක එන්නත් ලබා දෙන රටවල් ඉල්ලා සිටි හැකි බවත් එවැනි මුල්‍යමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් ඇත්තේ රජයට පමණක් බැවින්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙස ද ටී.එන්.ඒ මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

එම ප්‍රකාශයට පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ මේ මොහොතේ විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුවට මුදල් එකතු කර දීම නොවන බවත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ අවුල් නොකර ඊට සහාය දීම පමණක් බවයි.

“තම රටවලට එන්නත් ලබා ගැනීමට ලෝකයේ සෑම රටක්ම ලොකු පොරයක නිරතව සිටිනවා. මේ නිසා ඇතිව තිබෙන අධික ඉල්ලුම හමුවේ අවශ්‍යය සැපයුම ලබාදීමේ හැකියාවක් එන්නත් නිෂ්පාදන සමාගම්වලට අද නැහැ.”

“ආණ්ඩුවට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් පෞද්ගලික අංශයට එන්නත් ආනයනය කිරීමේ අවස්ථාව ලබා දී ඒ ඔස්සේ හැකියාව ඇති අයට මුදල් දී එන්නත් විද ගැනීමට පසුබිම සකස් කරනවා.”

“මේ මොහොතේ එවැන්නක් කිරීමේ අවශ්‍යතාවක් නැත්තේ ආණ්ඩුවට එන්නත් ගෙන්වා ගැනීමට අවශ්‍යය මුදල් තිබෙන නිසායි. අද පෞද්ගලික අංශයට හෝ එන්නත් මිලට ගැනීමේ හැකියාවක් නැහැ.”

“මේවන විට ලෝකයේ රටවල් අවශ්‍ය එන්නත් ලබා ගනිමින් සිටින්නේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් බව විපක්ෂයට මතක් කළ යුතු වෙනවා.”