Last Updated on June 17, 2021 by Desman Chathuranga
කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වැලිපැන්න අධිවේගී පිවිසුම අසල ඉදිකිරීමට යෝජිත කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන කාර්මික ජනපද භූමිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඉදිරියේ දී දෙස් විදෙස් ආයෝජකයන් සඳහා එය විවෘත වනු ඇත.
ඕස්ට්‍රේලියාව එහි ආරම්භක අයෝජනය සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ලංකාවේ නිෂ්පාදනය නොවන පරිප්පු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඕස්ට්‍රේලියාවේ සිට තොග වශයෙන් ආනයනය කොට අගය එකතු කරමින් ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවලට මෙම ජනපදය ඔස්සේ ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර ඊට අදාළ පළමු සාකච්ඡාව අද දින වැලිපැන්නේ දී මෙම නිරීක්ෂණ චාරිකාවකට සමඟාමීව පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින තානාපති සබඳතා මෙවැනි ව්‍යාපෘති ඔස්සේ අප තව තවත් ශක්තිමත් කරමින් සිටිනවා. නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව පිහිටා තිබීමේ වැදගත්කම මෙමගින් තවත් තහවුරු වෙන බවයි මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට කියා සිටියේ.
“මෙවැනි ආයෝජන අවස්ථා ඉලක්කකරගෙන තමයි එදා අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ වරාය පර්යන්තයන් ඉදිකරනු ලැබුවේ.”
මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් David Holly (ඩේවිඩ් හෝලි,) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහත්වරු සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
http://buystromectolon.com/ – ivermectin 3mg for humans
where to buy priligy in usa
hydroxychloroquine for lupus
[url=http://cheapdrugs.store/#]buy ed drugs[/url]
stromectol price usa prescribing stromectol stromectol pills for humans
https://diflucan.icu/# diflucan 1 otc
https://cipro.best/# cipro ciprofloxacin
https://erectionpills.best/# the best ed pills