counter hit xanga
March 26, 2023

ලොව පුරා: හිඟානොකා,හිඟාකෑම රටේ විදේශ ප්‍රතිපත්තියද?

Last Updated on March 7, 2022 by Desman Chathuranga

මාස ගණනක් පුරා ලංකාව අර්බුදයකට මුහුණ පාන විදේශ විනිමය, බලශක්තිය, ඉන්ධන සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ශ්‍රි ලංකාව රුසියානු ෆෙඩරේෂනය වෙත නැඹුරුව ඇති බව පැහැදිලිය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ලොකුම අර්බුදය වන්නේ තීරණාත්මක උපාය මාර්ග නොමැතිකමයි. 2023 දි ලංකාව නිදහසෙන් පසු 75 වන සංවත්සරය සැමරීමට සූදානම් වූවද, ලබන වසරේ නොව ඉදිරි සති දෙක තුළ රට මොනයම් දිශාවට යොමු වනු ඇතිදැයි නිශ්චිතව කිව නොහැකිය. සාමාන්‍යයෙන් රටවල් තමන් සිටින ස්ථානය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් උපාය සංවර්ධන මාර්ග නිර්මාණය කරනු ලැබූවද, පුද්ගලික වාසි සහ පක්ෂ දේශපාලනය පෙරට දමා ඇති දුර්වල තීරණ ගැනීමේ සහ අඛණ්ඩ පරිපාලනයේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එහි අනාගතය බරපතළ අර්බුදයකට ලක්ව ඇත.

1931 දි බ්‍රිත්‍යානයන් විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට තීරණය කිරීම ඉතිහාසයේ බ්‍රිතාන්‍යයන් අතින් සිදු වූ විශාලතම වරදක් ලෙස අර්ථකථනය කරනු ලැබූවද, සමහර විට එය ඔවුන්ගේ ලංකාව බෙදා වෙන්කොට පාලනය කිරීමේ හිතකර නොවන ප්‍රතිපත්තිමය අභිලාෂය නිසා සිදු වූවක් විය හැකිය. බොහෝ ලාංකේය නායකයින්ම ඔවුන්ගේම අවශ්‍යතා නිසා විශ්වීය ඡන්ද බලය පිළිබඳ අපේක්ෂාව ගැන ඕනෑවට වඩා සතුටු වූයේ නැත. කෙසේ වෙතත්, පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේදී ලංකාවේ ජලය පරීක්ෂා කිරීමත් සමඟ ජාතියට ලැබුණු බව තර්ක කළ හැකිය, එය ආසියාවේ සෙසු ප්‍රදේශවලට වඩා ඉක්මන් ආරම්භයක් විය.

සර්වජන ඡන්දබලයේ වාසි සහ අවාසි පිළිබඳව නිදහසේ ආරම්භයේ සිටම විවාදයක් ඇති වූවද, ශ්‍රි ලාංකේය ජනයා, තමන්ගේ පාලකයන් තමන් විසින්ම පත්කර ගැනීමේ හැකියාව සතුටින් භුක්ති විදිනු ලැබීය. මේ වන විට ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් පරිනත වී ඇත්ද?

චර්චල් විසින් මේ පිළිබඳව අර්ථදක්වමින් ප්‍රකාශ කර සිටින්නේ, “ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි හොඳම තර්කය වන්නේ සාමාන්‍ය ඡන්දදායකයා සමඟ විනාඩි පහක සංවාදයකි.” යනුවෙනි. මෙම ප්‍රකාශය සමහර අංශ විසින් උඩගු ප්‍රකාශයක් ලෙස පිළිගත්තද, අදවන විට එය ලොව පුරා ඔප්පු වී අවසන් ය.

පක්ෂ නායකයින් විසින් තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් හා පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරනවා සේම, විශේෂයෙන්ම මැතිවරණ සමයේ තමන්ගේ දේශපාලන නියෝජිතයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදි වගකීම් සහගත ලෙස ක්‍රියා කරන්නේද යන්න නොසලකමින්, ඡන්දදායකයන්ද ප්‍රශ්නගත ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට දේශපාලන ප්‍රතිපත්ති ක්‍රමවේදයක් ඉල්ලනවා වෙනුවට, තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

රැසියාව ගැටුම්කාරි තත්ත්වයක පවතින නමුදු ලංකාව රුසියාවෙන් මූල්‍යමය ආධාර ඉල්ලා සිටීම කල් නොදැමුවේය. රුසියාවේ යුක්රේනය ආක්‍රමණය හෙළා දකින ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොපැමිණීම පිළිබඳ ප්‍රවෘත්ති සහ ඉහත මූල්‍ය ඉල්ලීමට අදාළ තොරතුරු එකවර ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ ශ්‍රි ලංකාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවේ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් ය යන අවමානය ලංකාවට හිමි වේ. ලංකාව සමඟ මීට වසර 65 කට පෙර රාජත්‍රාන්තික සම්බන්ධතා ආරම්භ කළ දිනයේ සිට ආරක්ෂක මණ්ඩලය තුළ අඛණ්ඩව ලංකාවට සහය දුන් රටක් ලෙස රුසියාව කෙරෙහි ලංකාවේ ස්ථාවරය යුක්ති සහගත නමුත්, සන්නිවේදනයේ ඌනතාවය සහ ලංකාවේ ස්ථාවරය නිසිපරිදි පැහැදිළි නොකිරීම තුළ මෙම වැරදි වැටහීම හටගෙන ඇත.

ඉන්දියාව සහ චීනය වැනි රටවල්, ලංකාවෙන් එන දුරකතන ඇමතුම්, හමුවීම් සඳහා වන ඉල්ලීම් සහ ඕනෑම ආකාරයක ඉල්ලීම් සම්බන්ධයෙන් සම්බන්ධ වේ. එම ක්‍රියාදාමය අඛණ්ඩව සිදු වී ඇති අතරම එම ඉල්ලීම් සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. ලංකාවේ රාජත්‍රාන්තික නියෝජිතයන් ඔවුන්ගේ අගනුවරට පැමිණෙන විට සහ ලංකාවේ තනාපති කාර්යාලය සහ මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණෙන ලෙස කරනු ලබන ආරාධනා අනෙක් රටවල් කනස්සල්ලට පත්කරනු ලබනු ඇත. වසර දහස්ගණනක ඉතිහාසයකට හිමිකම් කියන ලංකාව මීට වසර 50 කට නිර්මාණය වූ බංගලාදේශයෙන් පවා මූල්‍යමය ආධාර ඉල්ලා සිටිනු ලැබීය. ඵලදායී සහ තීරණාත්මක උපාය මාර්ගවල ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය මේ වන විට අනාගතය කරා වේගයෙන් ගමන් කරමින් සිටී. දුර බැහැර රටවල් දෙසට හැරී ඔවුන් ශ්‍රී ලංකාව නැඟිටින ලෙස බලා සිටීමෙන් සිදුවන්නේ රටට එරෙහි පංගු වැඩි වීම පමණි.

ලංකාව මේ වන විට වැටි ඇති අගාධයෙන් යලි කිසිදු දිනක ලංකාව ගොඩ එනු ඇතැයි අනාවැකි කිමට නොහැකිය. සැනසීමට හැක්කේ එය ආපසු හැරවිය හැකි බැවිනි.

නමුත් එලෙස හැරවිය හැකි වන්නේ මෙම මාර්ගයේ මෙතරම් කාලයක් ලංකාව ගෙන යාමට තීරණය කළ පාලකයන් විසින්ම ය. වෙනත් රටවලින් ණයට ගැනීම, මුදල් හුවමාරු කර ගැනීම සහ ලොව පුරා සිඟමන් යැදීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගෞරවය සහ පිළිගැනීම පහත වැටීමට හේතු වී ඇති අතර, එය ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දමා, එහි ප්‍රතිරූපයට හානි කර, ලෝක වේදිකාවේ ලංකාව දුක්ඛිත තත්ත්වයට පත් කර ඇත.

එහිදි ලංකාවේ මෙම අර්බුදය ඇතිවූයේ පවතින වසංගත තත්ත්වය පමණක් නිසා බවට චෝදනා කළ නොහැකිය. පසුගිය අවුරුදු කිහිපයේ ලංකාවට විදේශ සංචාරකයින් පැමිණීම අඩු වීම නිසා පමණක් මෙම තත්ත්වය ඇති වූ බවට චෝදනා කළ නොහැකිය. පාස්කු ප්‍රහාරය නිසා ඇති වූ ආරක්ෂාව සම්බන්ධ භීතිය හේතුවෙන් පමණක් මෙම තත්ත්වය ඇති වූ බවට චෝදනා කළ නොහැකිය. දශක ගණනාවක් ලංකාවේ පැවති යුද්ධය මීට අවුරුදු 13 කට පෙර නිම වීම මෙම තත්ත්වයට හේතු වන බවට චෝදනා කළ නොහැකිය. විවාදයකින් තොරවම මෙම තත්ත්වයන් සහ සංසිද්ධි මෙම තත්ත්වයට හේතු වන බව පිළිගත හැකි නමුදු නමුත් පැහැදිලිවම රට මේ අගාධයට ගෙනැවිත් ඇත්තේ අනුප්‍රාප්තික රජයන් විසින් උපාය මාර්ග සකස් නොකිරීම නිසා බව පැහැදිළිය.

ලංකාව නිදහසේ සිටම බටහිර රාජ්‍යයන් වෙත නැඹුරු ව පවති. වෙළඳාම, ආයෝජන සහ මූල්‍ය අන්තර්ක්‍රියා හරහා වර්ධනය වන අන්තර් රඳා පැවැත්ම හේතුවෙන් බොහෝ රටවල මෙය සත්‍ය වේ. නමුත් සිදුවු වරද වන්නේ විදේශ අමාත්‍යංශය සහ බාහිර කටයුතු පිළිබඳව න්‍යාත්මක කණ්ඩායම් බටහිර රටවල් sසමඟ සම්බන්ධ වන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු නොකිරීමයි. 1977 දි ජනාධිපති ජේ. ආර් ජයවර්ධන විසින් ප්‍රථම අගමැති නොවන විදේශ අමාත්‍යවරයා ලෙස ඒ. සී. එස් හමීඩ් පත්කිරීම සමඟ විදේශ අමාත්‍යශයට කුඩම්මාගේ සැළකිලි හිමිව තිබේ. ව්‍යතිරේකයේ සුළු හිඩැස් ඇති නමුදු මුළු ඉතිහාසයටම එරෙහිව ගත් කළ මෙම කාල පරිච්ඡේදය ඉතා කුඩා වේ.

අමාත්‍යංශය සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනද, අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු විය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා රාජකාරි ඉල්ලීමෙන් ඔබ්බට ගිය අතළොස්සක් හැර, ලොව පුරා දූත මණ්ඩලවල කාර්ය මණ්ඩලය අඩු කිරීම හෝ අකාර්යක්ෂම දේශපාලන පත්වීම් ලබා දීම සිදු කොට ඇත. බටහිර ලෝකයෙන් යැපෙන රටක් වශයෙන් බටහිර යාන්ත්‍රණය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට පවතින ආයතනය ශක්තිමත් විය යුතු බවට පිළිගත හැකිය. ධාරිතා සංවර්ධනය අවධාරණය කළ යුතු තීරණාත්මක අංශයක් විය යුතුය. විදේශ නිලධාරින් සියලුම වියදම් රජය විසින් දරමින් කෙටි කාලින පාඨමාලා වෙත යොමු කිරීම වෙනුවට, ගුණාත්මකභාවය සහ හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් කීර්තිමත් ජාත්‍යන්තර ආයතනවල ප්‍රවේශමෙන් ගොඩනඟන ලද වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබුණි. එවැනි වැඩසටහන් සඳහා ස්වභාවිකවම මූල්‍ය සම්පත් අවශ්‍ය වන අතර අමාත්‍යාංශයට ඉහළ අයවැය ප්‍රතිපාදනයක් අවශ්‍ය වීමට මෙය එක් හේතුවක් පමණි. විභවතා ලැයිස්තුව නිමක් නැතිව පවතින අතර රට තුළ ඇති සම්පත් සීමාසහිත නමුත් සාමාන්‍ය යෙදවුමක් රටට දැරිය හැකි නම් එහි අවසාන ප්‍රතිඵලයක් ලෙස විශිෂ්ටත්වය අපේක්ෂා කළ නොහැකි බව අවබෝධ වේ.

මෙම අභියෝග මධ්‍යයේ වුවද මේ දක්වා ලබා ඇති ප්‍රගතිය සහ ජයග්‍රහණ ඉතා ප්‍රශංසනීයයි. ප්‍රධාන වශයෙන් සාමූහික සහයෝගීතාවයට වඩා පුද්ගල හැකියාවන් මත මෙම ප්‍රගතිය ලබා ගැනීමට විදේශ සේවයට හැකි වී ඇත. කෙසේ වෙතත්, අතිවිශාල හැකියාවක් ඇති අයට බාධාකාරී පරිසරයක ක්‍රියා කිරීමට බල කෙරෙයි. අනෙක් අතට, නිලධාරි තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති විකල්පයන් පැහැදිලි කිරීම, කනස්සල්ල ඉස්මතු කිරීම සහ අනතුරක් අත ළඟ වන විට අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කිරීම සාමූහිකව නොමග ගිය ප්‍රතිපත්ති තීරණවලට හේතු වී ඇත. රජයකට තම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සහය දැක්වීමට ශ්‍රී ලංකාවේ සමස්ත නිලධර පන්තියට වගකීමක් ඇත, නමුත් ප්‍රශ්න සලකුණු කිරීමට, ගැටළු මතු කිරීමට සහ අන්තරායන් ඉස්මතු කිරීමට ද හැකි විය යුතුය, එසේ නොමැතිනම් රට ඔවුන් සමඟ රැගෙන යන බැවින් නායකත්වය නොමඟ යනු ලබයි.

එහි 75 වැනි නිදහසේ සංවත්සරයට පෙර වසර තුළ, ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය, අනාගතය සඳහා සූදානම් විය යුතුය; ඒ වෙනුවට සියල්ලෝම වර්තමානය සමඟ පොරබදමින් සිටින අතර අනාගතය ගැන සම්පූර්ණයෙන්ම නොදැන සිටිති. තත්වය නරක අතට හැරිය හැකිද? එය කළ හැකි අතර එය එසේ වනු ඇත. දෛනික කටයුතු යටපත් කිරීම සඳහා කෑලි කෑලිවලට අනුගත වීම, නැව් එනතුරු බලා සිටීම සහ ඉන්ධන සඳහා ප්‍රමාණවත් ඩොලර් තිබේ යැයි අපේක්ෂා කිරීම හෝ අපගේ අසල්වැසියන් වෙත හැරී දිනපතා ඔවුන්ගේ සහය ලබා ගැනීම ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලාංකිකයන්ට ලැබිය යුතු අනාගතය නොවේ.

ශ්‍රී ලංකාව සම්පත්, විභවයන් සහ අවස්ථාවන්ගෙන් පොහොසත් ය. අනාගතය සඳහා උපාය මාර්ග ගත කිරීම ගෙවී ගිය වසරවල ප්‍රධාන අවශ්‍යතාවයක් වූ අතර එය නිසැකවම පැයක දැවෙන අවශ්‍යතාවයකි. එය එසේ කිරීමට ප්‍රමාද නැත. දිගින් දිගටම මාළු ඉල්ලනවාට වඩා ශ්‍රී ලංකාව මාළු බාන ආකාරය ඉගෙන ගත යුතු කාලයයි මේ. ශ්‍රී ලංකාව රට තුළ සංවර්ධනය අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගත යුතු රටක විදේශ ප්‍රතිපත්තියේ වැදගත්කම මෙහි ඇත. පැහැදිලි ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම; ශ්‍රී ලංකා සැලැස්මට ගැළපෙන ආයෝජන සොයන්න; තාක්‍ෂණිකව දියුණු රටවල් සමඟ සම්බන්ධ වී විශේෂයෙන් බලශක්ති අංශයේ තාක්‍ෂණික මාරුවීම් ලබා ගැනීම; ස්වභාවික සම්පත් අපනයනය කිරීමට පෙර රට තුළ අගය එකතු කිරීම සහතික කිරීම; සහ වඩාත්ම වැදගත් දෙය නම් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වන බවට සහතික වීමයි.

දශක ගණනාවකට පෙර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශනයකින් පෙන්වා දුන් ලොව පුරා සිඟමන් යැදීමේ දී ශ්‍රී ලංකාව යළිත් පැරණි ප්‍රතිපත්තියකට යන තත්ත්වයක්‌ ලෙස වර්තමාන අර්බුදකාරී තත්ත්වය සිතිය හැකි වුවද, ශ්‍රී ලංකාව කවදා හෝ එම ප්‍රතිපත්තියෙන් අපගමනය වී තිබේද යන්න පිළිතුරු දිය යුතු ප්‍රශ්නයයි.

Groundviews වෙබ් අඩවියේ පළවු Begging Around the World: An Evolving or Receding Foreign Policy? ලිපියේ සිංහල පරිවර්තනයකි.