counter hit xanga
March 26, 2023

මර්දණයට එරෙහිව ජාත්‍යන්තර තීන්දුවක්!

Last Updated on August 31, 2022 by Desman Chathuranga

දිගින් දිගටම ජනතාව මර්දණය කිරිම සදහා ත්‍රස්තවාදී පනත සහ ආරක්ෂ අංශ නීතියට පිටින් යොදවා ගැනිම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගැනිම ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන හදිසී සාකච්ඡාවක් කැදවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරිම සහ අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනිම ඇතුලු ජනතාව මර්දණය කිරිම සදහා භාවිතා කරන ත්‍රස්තවාදී පනත සම්බන්ධයෙන් මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට තීරණ කර තිබේ.

30 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අත්අඩංගුවේ පසුවන අනිකුත් සියලුම දෙනා වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසී කරන ලෙසත් ඉල්ලා දියත් කල පා ගමන පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා මර්දණය කල අතර පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කිරිම හරහා මර්දණයේ ප්‍රමාණය පෙන්වා තිබේ.

මේ වනවිට අත්අඩංගුවට ගත් 27 දෙනෙකුගේ නම් අනාවරණය වී තිබේන නමුත් එම පිරිස ඊට වඩා වැඩිවිය හැකි බවයි වාර්තා වන්නේ.පොලීසියේ රඳවාගෙන සිටින පිරි වෙනුවෙන් නීතීඥ සහය සහ ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන වල සහය ලැබෙමින් තිබේන බවද වාර්තා වේ.