Last Updated on May 17, 2021 by Panduka Herath
ජාතික බුද්ධි ප්රධානී කාර්යාලයේ සේවය කරනු ලබන සහ යුධ හමුදා බුද්ධි අංශයට අයත් කපිතන්වරයෙකු ඉස්ලාමීය සංවිධාන දෙකක් ලියාපදිංචි කිරීම සඳහා උත්සාහ කිරීමේ සිද්ධියක් ගැන හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේන බව ecast ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරයි.
රාජ්ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයට පැමිණ ඇති මෙම හමුදා කපිතන්වරයා එහි ප්රධානියකු වෙත ඉස්ලාමීය සංවිධානවලට අදාළ ලිපි ඉදිරිපත් කර තිබේ. අල් – හිග්මා සහ සහරාස් පදනම යන සංවිධාන ලියාපදිංචි කිරීම සදහා ඔහු උත්සහ දරා ඇති බවයි අනාවරණය වන්නේ. කෙසේවෙතත් එම සංවිධාන දෙක ලියාපදිංචි කිරිම බලධාරියා ප්රතික්ෂේප කර තිබේ.
මෙම සංවිධාන දෙකින් එක් සංවිධානයක් ති්රකුණාමලයේ ස්ථාපිත කර ඇති අතර දුප්පත්කම නැති කිරීමට කටයුතු කිරීම එම සංවිධානයේ අරමුණ බව දන්වා තිබු බවයි වාර්තා වන්නේ.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!