counter hit xanga
February 4, 2023

අරක්කු කාලක් ප්‍රසිද්ධියේ දුන් සැළලිහිණි වසන්තය පරීක්ෂණයකින් අවසන් වෙයි!

Last Updated on April 26, 2021 by Desman Chathuranga

නිරෝධායන උපදෙස් වලට පටහැනිව නුවරඑලිය මහ නගර සභාව ග්‍රෙගරි වැව පරිශ්‍රෙය්දි පවත්වනු ලැබු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමා වෙත කරුණු වාර්තා කරන ලෙස මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිස්වරයාට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා නියෝග කර තිබේ.

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්වු අතර උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකුට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණ බවට ඇතැම් කණ්ඩායම් චෝදනා කර සිටියා.

සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නොතකමින් න්‍රවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පවත්වා ඇති එම අවුරුදු උත්සවයේදී මහ නගර ‍සභාවේ සේවකයින් හට දිවා ආහාරය සහ මත්පැන් ද ලබා දී ඇති බවට තමාවෙත තොරතුරු ලැබී ඇති බවත් , මෙම උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමා වෙත කරුණු වාර්තා කරන ලෙස මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවත් එම පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග වල යොමු වන බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටී.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු දක්වනට ලැබුනා.

ඡායාරූප –හැටන් රංජිත් රාජපක්ෂ