counter hit xanga

සාගර කාරියවසම්ට විවෘත අභියෝගයක්! Video

Last Updated on June 13, 2021 by Desman Chathuranga

ඉන්ධන මිළ ඉහල යෑම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් කල චෝදනාව සම්බන්ධයෙන් වහාම විවෘත සංවාදයකට එන ලෙසයි.

ඉන්ධන මිළ ඉහල දැමිම හරහා ජනතාව අසීරුතාවයට පත්කල එම විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහත සම්පූර්ණ වගකිම භාරගනිමින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් ඊයේ නිකුත් කළා.

ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම මාධයි හමුවේදි කියා සිටියා.

මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාවලැබු බව සදහන් කල අමාත්‍යවරයා සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදර නායක මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි ද කියා සිටියා.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද කැදවු මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අයුරු …