Last Updated on October 28, 2022 by Desman Chathuranga
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුව හා අධිකරණය අතර බලවත් ගැටීමක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් ඇති බවට චෝදනා කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ කතානායකවරයාට ලිපියක් යොමු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඔහු අනාවරණය කළේ නීතියේ ආධිපත්‍ය බලයට එරෙහිව ආන්ඩුව ගෙනයන කුමන්ත්‍රණ සුමන්තිරන් මන්ත්‍රීවරයා අනාවරණය කිරිම අඩපණ කිරිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත්ව ඇති බවයි.
22 වන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනය නීතියට අනුකූල නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ගෙදර යා යුතු බවත් කියමින් මෙම ගැටුම නිර්මාණය කිරීමට උත්සහෙ කරන බවට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවකින් තොරව අධිකරණය පිළිබඳ හෝ විනිසුරුවරුන් පිළිබඳ විවේනය නොකළ යුතු යැයි ද එනිසා මෙම ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ද අධිකරණ ඇමැතිවරයා තම ලිපියෙන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න,” -දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් යොමු කරන ලද එම ලිපිය මෙසේ ය.
2022 ඔක්තෝබර් මස 20 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත (21 වන සංශෝධන පනත) විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුමන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. සුමන්තිරන් මහතා විසින් සිය අදහස් ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනය (determination) නීතියට අනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය වරින් වර නීතිමය ස්ථාවරයන් වෙනස් කරමින් සිය නිගමන නිකුත් කරන බවත්, එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ද ගෙදර යැවිය යුතු බවත්, ප්‍රකාශ කරන ලද බව ඔබතුමා ද නිරීක්‍ෂණය කර ඇතැයි විශ්වාස කරමි. ඔහු විසින් කළ එම ප්‍රකාශයන් තුළින් ඍජු ලෙස සහ ව්‍යංගාර්ථයෙන් සඳහන් කරන්නට යෙදුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන තීන්දු එනම් කාරණයක් සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයන් ගන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දු විශ්වාස නොකළ යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්ම ද අනවශ්‍ය බවත් යනාදී වශයෙනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවකින් තොරව අධිකරණය පිළිබඳ හෝ විනිසුරුවරුන් පිළිබඳ විවේචනය කිරීම නොකළ යුතු ය.
එකී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව හා අධිකරණය අතර බලවත් ගැටීමක් නිර්මාණය කිරීමට උත්සහයක් දරා ඇති බව පැහැදිලි වන අතර එකී මන්ත්‍රීවරයා ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් කරන ලද එම ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නොකළ යුතුව තිබූ අයෝග්‍ය ප්‍රකාශයක් බවත්, එමගින් ශ්‍රේෂ්ඨාකරණය ඇතුළු අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තබා ඇති විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බවත්, එම තත්ත්වය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇති බවත් ප්‍රකාශ කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් එවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ වුවද සිදු කිරීම සමාජයට දෙනු ලබන ඉතා නරක පූර්වාදර්ශයක් බවත් සඳහන් කරමි.
අනෙක් අතට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාදවලට මුවාවී එකී මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම තුළ මුළුමහත් පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලු ම මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදයක් හා පිළිකුලක් ජනිත වන හෙයින් එය මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස සැලකිය හැකිය.
එකී කරුණු අනුව ඔහුගේ ප්‍රකාශය පිළිබඳ කරුණු සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
2
(අ). කතානායකවරයා විසින් කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරයන් නම් කළ යුතුය සහ
(ආ). පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානයන් ප්‍රකාරව කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් විසි එක් දෙනකුට (21) නොවැඩි විය යුතු ය.
එම කාරක සභාවට –
(අ). සිය ගණපූර්ණය නියම කර ගැනීමට ද;
(ආ). ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑ ම තැනැත්තෙකු එම කාරක සභාවට ඉදිරියට කැඳවීමට ද, ඕනෑ ම ලියකියවිල්ලක් හා වාර්තාවක් ලබාදෙන ලෙසට ඕනෑ ම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්‍ෂි ලිඛිතව, වාචිකව ලබා ගැනීමට ද;
(ඇ). කාරක සභාවේ සහාය පිණිස අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද සහ
(ඈ). කලින් කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තැබුණු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට ද බලය තිබිය යුතු ය.
කාරක සභා වාර්තාවේ එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක (3) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාලපරිච්ඡේදයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා 22 වන සංශෝධන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කල කතාව…
“ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ. 19 වන සංශෝධන පනත් කෙටුම්පතේ විවිධ වෙනස්කම්වලට අවසර දුන් ඔවුන් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කිව්වා. එහෙත් දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණය ම පවසන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බව යි.
පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න,”
“පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් බොහෝ සංඛ්‍යාවක් 17 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය ලබාදුන් පිරිසක්. එම පිරිස ම 18 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ද සිය ඡන්දය භාවිත කළා. ඒ අය ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළා. ඒ වගේ ම ඔවුන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට ද ඡන්දය භාවිත කළා. ඒ අය ම විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයටත් සහය පළ කරනවා.
ඒ අය හරියට ඔරලෝසුවේ බට්ට වගේ එහාට මෙහාට වැනෙනවා. ඒගොල්ල එක්ක තැනක ඉඳන් තව තැනකට වැනෙනවා. 17, 18, 19, 20, 21 යන ව්‍යවස්ථා සංශෝධන හැම එකේදීම ඔයාලා කිව්වේ ඔයාලා වැරැද්දක් කළා. ඒ වැරැද්ද හදාගන්න ඕනේ කියලා මේක මොන විදිහේ පාර්ලිමේන්තුවක් ද? පුදුම වෙන්න දෙයක් නෑ මේ ගැන.
අද මේ විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වෙන්නේ මේ රටේ ජනතාව නිසා ඔවුන්ට අවශ්‍ය වුණ ක්‍රමයේ වෙනසක්, ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ පවතින ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීමට. 17 වන සංශෝධන හින්දා සිද්ධ වුණේ පැලැස්තර ඇලවීමක්. ඒත් මේ පනත ව්‍යවස්ථාව ගැන හිතන්නෙවත් නෑ. එය සම්මත වුවත් සියලු බලතල එය සතුයි. මේක ඇත්තට ම වංචාවක්. 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය මාස හයකින් අහෝසි කළ යුතු බව කිව්වත් තවමත් ඒ මාස 6 ඇවිත් නෑ.
හැම ජනාධිපතිවරණයකදී ම එයට තරග කරන අපේක්ෂකයන් ජනතාව හමුවේ කියන්නේ මම විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා. මෙය පළමු පියවර බව පවසමින් ඔවුන් ජනතාව මුළාවේ දමනවා. මෙම පනත මගින් විධායක ජනාධිපති ධූරයේ බලතල කිසිවක් ඉවත් කරගෙන නෑ. මේ පනත සම්මත කර ගැනීමෙන් විධායක බලතල කප්පාදු කරනවා කියලා කියන එක ලොකු බොරුවක්.
ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ. 19 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඔවුන් විවිධ වෙනස්කම්වලට අවසර දී ඇති අතර මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කිව්වා. ඒත් දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න. ඔවුන්ට කියවා තේරුම් ගන්න බෑ. 19 වන සංශෝධනයේ ස්වකීය අධිෂ්ඨානයක් තියෙනවා.
රටේ සැබෑවට ම තියෙන තත්ත්වය නෙවෙයි ඔවුන් පෙන්වන්නේ. එය සැබැවින් ම හානිදායක විය හැකියි. මොක ද මිනිසුන්ට මේ පිළිබඳව තියෙන විශ්වාසය නැතිවෙලා. ඔවුන් දැන ගත්තොත් පාර්ලිමේන්තුවත් අප නොමග යැව්වා කියලා. ඔවුන් ඉල්ලා සිටින සමාජ ප්‍රතිසංස්කරණයන් සිදු නොවන බව ඔවුන්ට හැඟී ගියොත් ඔවුන් අන්තිමට පාරට බහින එක නියතයි.”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?