counter hit xanga
October 18, 2021

ආනන්ද හිමියෝ, ජනාධිපති ලේකම්ට යුධ ප්‍රකාශ කරයි!

PBJAYASUNDARA lankaecast

Last Updated on June 16, 2021 by Panduka Herath

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වහාම තනතුරෙන් පහ කලයුතු බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වදාළහ.

ඊයේ (15) මාධ්‍ය හමුවක් කැඳවමින් උන්හන්සේ ප්‍රකාශ කර සිටියේ, ආචාර්ය පී. බී. ජයසුන්දර ලේකම් තනතුරෙන් ඉවත් කර ජනතා දුක හඳුනන පුද්ගලයෙකු එම තනතුරට පත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි. උන්වහන්සේ එහිදි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද සිදු කර සිටියා.

පී.බී. ජයසුන්දර මහතා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම්, ඊට එරෙහිව ජනතාව සමග එක්ව මහා සංඝරත්නය ඉදිරියේදී දැඩි විරෝධයක් සංවිධානය කරන බවට ද මුරුත්තෙට්ටුවේ හිමියෝ අනතුරු අඟවා සිටියහ.

“”ඕනෑම කෙනෙක් ළඟ ඉන්නවා කේවට්ටයෝ කියලා පිරිසක්. පුරෝහිතයෝ කියලා පිරිසක් ඉන්නවා. මේ පුරෝහිතයෝ ඇවිල්ලා යමක් කිව්වොත් ඕවා තමයි ඇදගන්නේ. අද අපිට පේනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉන්න ලොකුම කේවට්ටයා තමයි ආචාර්ය පී. බී.ජයසුන්දර ජනාධිපතිවරයා මේ ප්‍රපාතයට ඇදලා දැම්මේ කවුරුවත් නෙමෙයි. ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්මයායි . ඔය ආචාර්ය මහාචාර්යවරු කියන අය ජනතාවගේ දුක දන්න අය නෙමෙයි. කැරකෙන පුටුව කැරකි කැරකි මුහුදු සුළං වැදි වැදී ඒගොල්ලො කටයුතු කරන්නේ. පී. බී. ජයසුන්දර මහත්තයා ඉවත් කරලා බලන්න ඉවත් කරලා බලලා මේක ගෙනියන්න පුළුවන් ලේකම් කෙනෙක් පත් කරගන්න”

“අපි මේ රටේ මහා සංඝරත්නය පෙළගැසෙමින් පවතිනවා ජනතාවත් එක්ක , වහාම ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්තයා තනතුරෙන් පහ කරලා අනුන්ගේ දුක දන්න ගොවියගෙ දුක දන්න, ජනතාවගේ දුක දන්න පුද්ගලයෙක්, මේ තැනට පත් කරන්න”