Last Updated on June 23, 2021 by Panduka Herath
සංචරණ නීති උල්ලංඝනය කරමින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා අත් අඩංගුවට පත්ව තිබේ.
නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මුල්ලේරියාව ප්‍රදේශයේදී කල මෙහෙයුමකදි මෙම පුද්ගලයා අ අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් දහයක්, රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා පවුම් 12ක රන් ද සන්තකයේ තිබී තිබේ.
සැකකරු සමඟ හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමණාකරුවෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!