Last Updated on October 27, 2022 by Desman Chathuranga
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කර නැති අතරම විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
විධායක ජනාධිපති ඇතුළු විධායකයේ බලතල සම්බන්ධයෙන් සංවරණ සහ තුලන නොමැතිකම අර්බුදයට හේතුවන බව පෙනී ගොස් ඇති බවයි නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වූයේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රට පුරා පැන නැගුණු මහජන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති අතර, එය මේ වනවිට නම් කර ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මින් පෙර ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්හි දී පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දුන් බව නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේ වුව ද මේ වන විට 21 වැනි සංශෝධනය නීතිගත කර ඇති බැවින් ඒ යටතේ පත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ඉන් අනතුරුව ප්‍රතිසංවිධානය කෙරෙන ස්වාධීන කොමිෂන් සභා, ස්වාධීන, අපක්ෂපාතී සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට උපකාර වන ආයතන බවට පත් කිරීම අත්‍යවශ්‍ය ම සාධකයක් බවද ඒම නිවේදනය මගින් පෙන්වා දෙනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 21 වනදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණි.
ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය ලෙස බලාත්මක වෙයි.
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ,
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පුර්ණයෙන්ම ස්ථාපිත කර නැති බවය.
ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන එමගින් ඇති කර නොමැතිවීම කනගාටුවට කරුණක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
කෙසේවුවත්, වර්තමානයේ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කර ඇති බැවින් ඒ යටතේ පත්කිරීමට නියමිත ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව සහ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන, අපක්ෂපාති සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට උපකාර වන ආයතන බවට පත්වීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයේ සඳහන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් පත්කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව විවෘතව සිදුකිරීමට වගබලා ගන්නා ලෙසත්, පත්කරන සාමාජිකයන් මහජනතාවට පිළිගත හැකි සුපිළිපන්භාවයක් සහ කීර්තියක් ඇති පුද්ගලයන්වීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා ප්‍රතිසංවිධානය කරන බැවින් මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සීමානීර්ණ කොමිෂන් සභාව වැනි ආයතනවලට පත්කරන පුද්ගලයන් සුදුසුකම් සහ හැකියාව සහිත තැනැත්තන්වීමේ අවශ්‍යතාවයද මෙම නිවේදනය තුළින් අවධානයට ලක්කර තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?