counter hit xanga
October 18, 2021

බදියුදීන්ලාගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි!

rishard badurdeen lankaecast

Last Updated on June 4, 2021 by Panduka Herath

පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බකරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වන බව අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පෞද්ගලික හේතුන් මතඉවත්වන බවයි විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , යසන්ත කෝදාගොඩ, එස්.තුරේරාජා සහ යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කර සිටියා. පෙත්සම් සලකා බැලීම ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද කටයුතු කළා.

මේ අතර මේ අතර මෙම පෙත්සම විභාග කිරීමෙන් තමා ද වැළැකී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක ද සිල්වා මහතා මිට පෙර පෙත්සම කැදවු අවස්ථාවේ අධිකරණය හමුවේ කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එදින අධිකරණයට දැනුම් දුන්නා.