counter hit xanga
October 21, 2021

තවත් බොරුවක් අතේ මාට්ටු!

Last Updated on June 4, 2021 by Panduka Herath

පවතින තත්වයන් නිසා මාළු අනුභව නොකරන ලෙස මා ජනතාවට පැවසූ බවට සංසරණය වන පණිවිඩය අසත්‍ය එකක් බව කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතා පවසයි.

මේ දිනවල මාලු ආහාරයට ගැනීමෙන් වලකින ලෙසත් මාලු ආහාරයට ගත් විශාල පිරිසක් ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත වී ඇති බවත් පවසමින් කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතාගේ නමින් නිකුත් කළ නිවේදනයක් මේ මොහොතේ වේගයෙන් WhatsApp මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

අදාළ WhatsApp පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බවයි කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතා තම Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ.

ඔහු සිය Facebook පිටුවේ තබා ඇති සටහන පහත පරිදිය.

There is a message circulating saying that I have told people not to eat Fish due to the prevailing conditions. I have not said anything of the sort. Of course the harm caused by the sunken ship may bear a toxic effect upon not only our diet but also through the environment as well. People should be vigilant about the repercussions. I am no expert on the toxicological impact of this as I have not personally assessed it!