Last Updated on September 4, 2022 by Desman Chathuranga
ආණ්ඩුවෙන් වෙන්වුණු පක්ෂ කීපයක් එකතු වි නිර්මාණය කරගත් ස්වාධීන පක්ෂ එකමුතුව විසින් අද (04) ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන උත්තර සභාගය නැමැති සමුළුව පැවැත්විමට පෙර ප්‍රබලයන් දෙදෙනෙකු ඊයේ (03) රාත්‍රී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවි කරුණු පැහැදිලි කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. අදාළ සාකච්ඡාව සදහා මහින්ද පුත් නාමල් රාජපක්ෂද එක්ව සිටි බවයි ඔහු අනාවරණය කළේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න කියල තියෙන අවස්ථාවකදී ස්වාධීන පක්ෂ එකමුතුව කියලා සන්ධානයක් අටව ගැනිමට තනී පුද්ගල පක්ෂ නායකයන් කටයුතු කල අතර එහි සභාපතිවරයා ලෙස විමල් වීරවංශ පත්කර ගනු ලැබුවා.
ජනතාව ප්‍රතිකේෂ්ප කල පක්ෂ වන ජාතික නිදහස් පෙරමුණ,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය,ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය,ලංකා සමසමාජ පක්ෂය,යුතුකම ජාතික සංවිධානය,විජයධරණී ජාතික සභාව මෙය නිර්මාණය කර තිබේන අතර එය ගිලිහෙමින් පවතින රාජපක්ෂ දේශපාලනය නැවත වෙනස් මුහුණුවරකින් වෙනත් වටයකින් කටයුතු කරමින් සිටින බව නොරහසකි. ජනතාවගේ බලය කොල්ලකමින් නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ රාජපක්ෂලා ප්රමුඛ මේ හොර නඩය බලය තහවුරු කරගැනීම සඳහා ගොඩනගන්නා වූ වංචනික හවුලක් බව ජනතාව තෙරුම් ගනිමින් කටයුතු කිරිම වැදගත් වනු ඇත.
විමල් වීරවංශ, අතුරලියේ රතන, උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර ඇතුළු මේ නඩය අද අපේ රට පත් වී තිබෙන ආගාධයේ කොටස්කරුවන් බව රටේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත. නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම තියා ලැජ්ජාවකින් තොරව ජනතාව ඉදිරියට ඇවිදින් තමන්ට බලය ලබා දෙන්න කියලා කියන්න සදාචාරාත්මක අයිතියක් ද එම නඩයට නැත.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි