counter hit xanga
August 12, 2022

කෙටිකාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකට අනුර සුදානම්!

Last Updated on June 22, 2022 by Panduka Herath

නිශ්චිත කාල රාමුවක් තුල, නිශ්චිත වැඩපිළිවෙලක් සදහා සර්වපාක්ෂික ආණ්ඩුවක් සලකා බැලිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

21 සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යවරයායාට යම් සුවිශේශී බලයක් ලැබෙන බැවින්, 21වෙනි සංශෝධනයෙන් පසු වත්මන් ආණ්ඩුව කෙටිකාලයකින් අහෝසි විය යුතු බවත්, නව ජන වරමකින් අගමැතිවරයෙකු පත්විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රතිසංස්කරණ සදහා සාමුහිකය විසින් අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ පිළිබදව හා රට අයාලේ යවමින් තිබෙන දේශපාළණ බල අරගලය නවතා, සාමූහික පාළණයක අවශ්‍යතාවය පිළිබදව, ජනතා විමුක්ති පෙරමුණ සමග සිදු කරනු ලැබූ සාකච්චාවකදී ඔහු මේ බව පැහැදිළි කලේය.

මැතිවරණයකින් නව ජනවරමක් ලබා ගැනීම පිළිබදව තම සංවිධානයද එකගවන නමුත්, සාධාරණ මැතිවරණයක් සදහා සහ මැතිවරණයක් පැවැත්වීමේ වටපිටාව සකසා ගැනීම සදහා පවා සර්වපාක්ෂික පාළණයක් අත්‍යවශ්‍ය බැවින්, ජනතා විමුක්ති පෙරමුණෙහි සහයෝගය ලබා දෙන ලෙස මෙහිදී එම සාමූහිකයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් ඉල්ලා ඇත.

මැතිවරණයක් සදහා මුදල් නොමැති බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරයට තම සංවිධානයද එකග නැති අතර, සුදුසු පරිසරයක් තුල මැතිවරණයක් පවත්වන්නේනම් රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය ස්වේච්චාවෙන් ලබා ගත හැකි බවද, අනවශ්‍ය වියදම් කපා හැර ඉතා සුළු මුදලකින් මැතිවරණයක් පැවැත්වීම හැකියාවක් පවතින බවද, එහිදී ප්‍රතිසංස්කරණය සදහා සාමූහිකය විසින් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් කෙටිකාලයකට හෝ සර්වපාක්ෂික පාළණයක අවශ්‍යතවය පවතින බවට, මෙහිදී දෙපාර්ශවයම එකගතාවයකට පැමිණ තිබේ.