Last Updated on December 19, 2022 by Lankae Cast
ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ගෙන් පෞද්ගලිකව අයැදුම්පත් කැඳවීම වෙනුවට සිවිල් සමාජ සංවිධානවලට නාම යෝජනා කිරීමේ අවස්ථාව සලසා දී වහාම ව්‍යවස්ථා සභාව පිහිටුවන මෙන් ජාතික සාම මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පවසන ජාතික සාම මණ්ඩලය, රට මුහුණ දී සිටින ආර්ථික හා සංවර්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එකම බලවේගයක් ලෙස ක්‍රියා කරන මෙන් ද බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ:
රටේ බහුවිධ ස්වරූපය පිළිබිඹු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවිය යුතුයි
විධායක ජනාධිපති ක‍්‍රමයේ බලය අධික ලෙස සංකේන්ද්‍රණය කරන ලද 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙන ආ 21 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයේ වඩාත්ම සාධනීය ලක්‍ෂණය වූයේ ව්‍යවස්ථා සභාව යළි පිහිටුවීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු දේශපාලනික වශයෙන් කිසිදු පාර්ශ්වයක් නොගන්නා, සිවිල් සමාජයේ සාමාජිකයන් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සාමාජිකයන්ගෙන් සමන්විත, දේශපාලනික වශයෙන් එකඟතාවක් සහිත ආයතනයක් විය යුතුය. මෙහි පවතින සාධනීය අපේක්ෂාව වන්නේ, රටේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍යය සහ එහි නියෝජිතායතන ශක්තිමත් කිරීමට ව්‍යවස්ථා සභාව දායක වීම ය.
කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා පත්කිරීමට නියමිත ක්‍රියා පටිපාටිය කණස්සල්ලට කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ගෙන් පෞද්ගලිකව අයැදුම්පත් කැඳවීම රජය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ක්‍රියා පටිපාටියයි. මෙම පත්වීම් සඳහා වන මාර්ගෝපදේශවල දක්වා ඇති ආකාරයට, පොදු හෝ වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන සහ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන කීර්තිමත් සහ අවංක පුද්ගලයන් මෙවැනි තනතුරක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් අයැදුම්පත් යොමුකිරීමට ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කළ නොහැක. ජාතික සාම මණ්ඩලය විශ්වාස කරන්නේ මෙම ක්‍රියා පටිපාටිය නාමයෝජනා ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීම සඳහා සළකා බැලිය යුතු සිවිල් සමාජ සාමාජිකයන් නම් කිරීමට සිවිල් සංවිධානවලට අවස්ථාව ලබාදිය යුතුය.
ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජ සන්දර්භය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයන් තෝරා ගැනීම සමස්ත සමාජය නියෝජනයවීමේ මූලධර්මය මත පදනම් විය යුතු බව අපි විශ්වාස කරමු. රාජ්‍යයේ බලධාරීන්ගේ තීරණ ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වයට සහ බහුත්වවාදයට සංවේදී විය යුතු අතර, එහි කේන්ද්‍රස්ථානය ජනවාර්ගිකත්වය සහ ආගම වන නමුත් කුලය, ස්ත්‍රී පුරුෂභාවය, ශාරීරික ආබාධිතභාවය, රැකියාව සහ අනෙකුත් කරුණුද ඊට ඇතුළත් වේ. අද ඉතාම හදිසි අවශ්‍යතාව වන්නේ දේශපාලන නායකත්වයේ මෙන්ම ජනතාව අතරද පැවතිය යුතු එකමුතුකම වන අතර, එමඟින් සමස්ත රටම දැනට සිරවී ඇති ආර්ථික හා සංවර්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එකම බලවේගයක් ලෙස ක්‍රියා කළ හැකිය. එබැවින් රාජ්‍යය සහ ජාතිය ගොඩනැගීමේ කාර්යය නොපමාව සිදු වන පරිදි ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් තෝරා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
–ජාතික සාම මණ්ඩලය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?