counter hit xanga
October 21, 2021

X-Press Pearl ගැන හොයන්න තේරීම් කාරක සභාවක්!

Last Updated on June 7, 2021 by Panduka Herath

X-Press Pearl  නෞකාවේ ගින්න සම්බන්ධයෙන් සොයා බැලිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ ඉල්ලා සිටි. විශේෂ ප්‍රකාශයක් කරමින් එම පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරු 20 ක් ද, විපක්ෂ නායක හා විපක්ෂයේ මන්ත්‍රීවරු 5 ක් ද ඇතුළත් කොට මේ ජාතික සභාව පිහිටු විය හැකි බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය තුළට ඇතුලු කරගෙන තිබුණු අවස්ථාවේ මේ පිපුරුම වූවා නම් සිදුවන හානිය මෙතෙකැයි කියන්න බෑ. එයින් කොළඹ වරායේ සිට ෂැංග්‍රිලා හෝටලය දක්වා වූ ගොඩනැගිලි සියල්ල විනාශ වෙන්න තිබුණා.

නෞකාව කොළඹ වරායේ පිටත වරායට පැමිණියේ මැයි මස 19 දා රාත්‍රියේදී යි. මැයි 20 දා අපේ කණ්ඩායම් නැවට ඇතුළු වුනා. එහිදි නැවේ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලුමක ගින්නක් තිබෙන බව දැනගත්තා. මැයි 25 දා වන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මේ මුහුදු ප්‍රදේශයට අනතුරක් වන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (International Maritime Organization) නැතිනම් IMO ආයතනයට දැනුම් දුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙලෙස අනතුරු අගවන්නේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට හානියක් වීමේ අවදානමක් පවතින නිසයි. එය ඉංග්‍රීසියෙන් “Tier 2” ලෙසයි සඳහන් වෙන්නේ. එයින් අදහස් වන්නේ ගින්න පාලනය කිරීමට ලංකාවට අපහසු වුවහොත් පිටතින් ආධාර උපකාර ගැනීමට අවශ්‍ය විය හැකිය යන්න යි.

ආධාර අවශ්‍ය වෙතැයි උපකල්පනය කරනා දැනුම් දීමක් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට කළත් ලංකා රජය හෝ මීපා ආයතනය ඔවුන් ගෙන් ජාත්‍යන්තර ආධාර ඉල්ලුවේ නැහැ. මැයි 20 දාත් මැයි 25 දාත් අතර කාලයේ රජය පවතින නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ ඇයි ? වැදගත්ම පැනය එයයි. මෙවැනි තත්ත්වයකදී ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික සභාව රැස් කරන්න පුළුවන්. එය රැස්වී වෙරළ කළාපයට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න හැකියාව තිබෙනවා.

ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරු 20 ක් ද, විපක්ෂ නායක හා විපක්ෂයේ මන්ත්‍රීවරු 5 ක් ද ඇතුළත් කොට මේ ජාතික සභාව පිහිටු විය හැකියි. මෙලෙස පත් කරන ජාතික සභාව රැස්වී වෙරළාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න තිබුණා. නමුත් කිසිවෙක් එවැනි තීරණයක් ගත්තේ නැහැ.

ජාතික ආපදාවක් ඇතිවන බවට ප්‍රකාශ කර තිබුණා නම් නැවේ ගින්න නිවා ගන්න අපට විදේශාධාර ලබාගන්න තිබුණා. ගින්න පැතිරෙද්දි අපි ඉන්දියාවෙන් ගින්න නිවන්න ආධාර ගත්තා. නමුත් ඒ වන විට ගින්න පාලනය කිරීම ගිලිහී ගියේ ඉන්දියාවට දැනුම්දීම ප්‍රමාද කර තිබූ නිසයි. මෙවැනි රසායනික ද්‍රව්‍ය නෞකාවක ගිනි නිවීම් ගැන වැඩිම දැනුම තියෙන්නේ යුරෝපයට හා නැගෙනහිර ආසියානු රටවලටයි.

ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානයට දැනුම් දී ගින්න නිවීමට ජාත්‍යන්තර සහාය නොගත්තේ ඇයි? ගින්න වර්ධනය වී නැව විනාශ වන තැනට යන්න ඉඩ දුන්නේ ඇයි? කියන ප්‍රශ්න මතු වෙනවා. නෞකාවේ ගින්නෙන් අපේ අනාගත ආර්ථිකයට වන හානිය, පරිසරයට වන හානිය ගැන සිතුවේ නැත්තේ ඇයි? රජය හා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සිතිය යුතුව තිබුණේ මේ කරුණු ගැනයි.

නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට මිශ්‍රවීමෙන් ලංකා මුහුදේ කොළඹ අවට කොරල් පරය විනාශ වීමේ අවධානමක් තිබෙනවා. කොළඹ තිබෙන කොරල් පරය නිසා තමයි අපි සුනාමි ව්‍යසනයේදී පවා බේරුණේ. මේ කොරල් පරය විනාශ වුවහොත් සුනාමියකදී කොළඹ අනාරක්ෂිතයි.

එම නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වන නිසා මේ නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි. ඉක්මණින් මන්ත්‍රීවරු නම් කොට තේරීම් කාරක සභාවක් මේ සතියේදීම පත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව කාරක සභාව රැස්වී ජූලි මාසයේ පළමු සතියේදී නැවේ ගින්නෙන් වූ පරිසර හා ආර්ථික හානිය ගැන මූලික වාර්තාවක් ඉදිරිපත් කළ හැකියි.

ජනතාවට අයිතියක් තියෙනවා නැව ගිනි ගත්තේ කොහොමද එය නිවා දැමීමට නොහැකිවුනේ ඇයි ද යන කාරණා ගැන දැන ගන්න. ඒ වගේම නැව සම්බන්ධයෙන් අපි ගන්නා ඉදිරි පියවර මොනවාද යන්නත් දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. එය ඉක්මණින් ඉටු කරන්නැයි අපි රජයෙන් ඉල්ලනවා.

UNP leader and former Prime Minister Ranil Wickremesinghe calls for the appointment of a Parliamentary Select Committee to look into the fire on the Express Pearl ship.

“If the explosion had taken place when the X-Press Pearl had entered the port of Colombo, the damage would have been worse. It could have destroyed all the buildings from the Colombo port to the Shangri-La Hotel.

The ship arrived in the outer harbor of Colombo on the night of May 19. On the 20th of May our crew entered the ship. There they learned that there was a fire in the container boxes containing the chemicals stored on the ship. By May 25, the Marine Environment Protection Authority (MEPA) had informed the International Maritime Organization (IMO) that this area was in danger.

The Marine Environment Protection Authority warned that there is a risk of fire damaging the marine environment. This is referred to as a “Tier II” disaster. This means that if Sri Lanka finds it difficult to control the fire, it may need outside help.

Although the International Maritime Organization (IMO) was notified of the need for assistance, neither the Government of Sri Lanka nor MEPA requested international assistance.

Why did the government not enforce the existing laws between May 20 and May 25? That is the most important question. In such a situation the National Disaster Council can be convened under the Disaster Management Act. It has the potential to gather and declare a state of disaster in the coastal region.

This National Disaster Council could be formed with the participation of 20 Ministers including the President and the Prime Minister and the Leader of the Opposition and 5 Members of the Opposition. The National Council could have met and taken decisions on behalf of the Coast Guard. But no one made such a decision.

If it had been declared that there would be a national disaster, we could have obtained foreign assistance to put out the fire. As the fire spread we got help to put out the fire from India. By then the fire was out of control because the notification to India had been delayed. Europe and East Asian countries have the greatest knowledge about the fires of such a chemical ship.

Why was the International Maritime Organization not informed and international assistance to extinguish the fire requested? Why did the fire grow and let it get to the point of destruction? These questions have arisen. Why didn’t we think about the damage to our future economy and the damage to the environment from this fire? The government and the Marine Environment Protection Authority should have thought about these matters.

There is a risk of destruction of the coral reef around Colombo in the Sri Lankan Seas due to the mixing of nitric acid with seawater. It is because of the coral reef in Colombo that we survived the tsunami disaster.

Therefore, I propose that a Parliamentary Select Committee be immediately appointed to inquire into the fire on this ship. There is a possibility of appointing members and appointing a Select Committee this week when Parliament meets. Accordingly, the Committee may meet in the first week of July to present a preliminary report on the environmental and economic damage caused by the ship fire.

People have a right to know how the ship caught fire and why it could not be extinguished. Also, the people have a right to know what steps we will take next regarding the ship. We urge the government to expedite this.