counter hit xanga

ඇට නැති දිව ගැන කියන කතා ඇත්තද?

Last Updated on May 23, 2021 by Desman Chathuranga

කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් භයානක රෝගයක් ඇමරිකාවෙන්…. යනුවෙන් කියමින් ඊයේ ලංකාවේ මාධ්‍ය රටේ ජිවත් වන ජනතාව මත තවත් භීතීයක් පටවා තිබේ.

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongues)“ ලෙසින් හඳුන්වනු ලබන බවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලැබුවේ ලෝවපුරා පැතිර යමින් තිබේන රෝගී තත්ත්වයක් ලෙසයි. කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කලයුතු වුවත් ඔහු එයින් භීතියට පත්කිරිම හොද නැති බව අපගේ මතයයි.

හුස්ටන් වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇත්තේ මෙම ජාන ගත තත්ත්වයක් සමඟ ඇතිවන කලාතුරකින් හටගන්නා රෝග ලක්ෂණයක් බවයි.නමුත් ඔහුන්ට කොවිඩ් වැලදි සිටි අය බවද වාර්තා වි තිබිනි. අපේ රටේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයද එය තමන්ගේ වෛද්‍ය දැනුම භාවිතා කර කොවිඩ් සැදෙන රෝගින් සැදෙන අලුත්ම රෝගයක් නිර්මාණය කර ජනතාව මත මුදා හැරිමට සමත් විය.

මොකක්ද මේ ‘COVID දිව’

කොවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟම, වෛරසය ආසාදනය වූ ආසාදිතයන්ට විවිධ රෝග ලක්ෂණ මතු වන බව වෛද්‍යවරුන් අනාවරණය කර ගනු ලැබීය. ගන්ධය නොදැනීම, (anosmia), සමේ ආසාදන හා හදිසි ව්‍යාකූලත්වය (delirium)එම රෝග ලක්ෂණ අතරින් ප්‍රමුඛ විය. මේ වන විට නව විභව රෝග ලක්ෂණයක් මතු වි ඇති අතර එය ‘COVID දිව’ ලෙස වෛද්‍යවරුන් හදුන්වනු ලැබේ.

මෙහිදී සිදුවන්නේ COVID-19 වෛරසය නිසා දිව විශාලනය වීමයි. දැනට මෙම රෝග ලක්ෂණය හේතුවෙන් රෝගින් 9 දෙනෙකු පමණ සොයා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටි.

මෙම තත්ත්වය මැක්‍රොග්ලොසියා (Macroglossia)ලෙස හැදින්වෙන අතර, මෙම රෝගය වැළදුනු පුද්ගලයන්ට ආහාර ගැනීමට සහ කතා කිරීමට අපහසු වේ. එසේම වියලි මුඛයක් තිබීම මෙහිදි වඩාත් සුලභ ලක්ෂණයක් බවත් ඉන්පසුව රසය නැතිවීම (dysgeusia) සහ දිලීර ආසාදන (oral thrush) ඇති වන බවත් මේ ව විට සොයා ගෙන ඇත.

හුස්ටන් වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇත්තේ මෙම ජාන ගත තත්ත්වයක් සමඟ ඇතිවන කලාතුරකින් හටගන්නා රෝග ලක්ෂණයක් බවයි. කොවිඩ් 19 වෛරස ආසාදනය වූ පුද්ගලයන්ගේ දිවේ පටක සහ සෛල වල ඇති වන සංකූලතා සමඟ මෙම ‘COVID දිව’ රෝගය හට ගන්නා බවත් එම දිව නැවත යථා තත්ත්වයට පත් කිරීමට සැත්කමක් සිදු කිරීමට හැකියාව පවතින බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා.

හුස්ටන් හි දන්ත විශේෂඥ James Melville පවසා සිටින්නේ දැනට වාර්තා වී ඇති රෝගින් 9 දෙනා ගෙන් 8 දෙනෙකුම කලු ජාතිකයින් බවත් දෙදෙනෙකුට ආඝාත තත්ත්වය ඇති වී ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ ‘geographic tongue’ ලෙස හදුන්වන ජීව විද්‍යාත්මක තත්ත්වය මත ඕනෑම වෛරස ආසාදනයකදි මුඛයේ ඇති වන ආසාදාන හෝ වණ ඉතා සුලභ තත්ත්වයක් බවත් වෛරසයකට මුඛයේ ආසාදන ඇති කිරීම ඉතා පහසුවෙන් කළ හැකි බවත් ය. එසේම මෙම තත්ත්වය මාස ගණනක් වුව පැවතිය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.