Last Updated on May 26, 2021 by Panduka Herath
නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මෙම නව නව ජාතික සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරිමට කටයුතු කරමින් සිටි.
අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි තිරසාර කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සකස් වන නව ප්‍රතිපත්තිය වෙනුවෙන් කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සංචාරක කර්මාන්තය රටේ පුරවැසියන්ගෙන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන අතර රටක සංචාරක පනතක් සියලු පාර්ශ්වකරුවන් නියෝජනය කළ යුතු හෙයින් සියලු පාර්ශ්වකරුවන්ට මෙම ඊ-සමීක්ෂණයට සහභාගි වී ඔවුන්ගේ අදහස් අප සමග බෙදා ගන්නා මෙන් ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඉල්ලීමක් කර සිටි.80 ගණන්වල චින්තනයෙන් ඉවත් වී නව පනත සිංගප්පූරුව ඇතුළු ගෝලීය හොඳම භාවිතවලට අනුකූලව කෙටුම්පත් කිරීමට කටයුතු සූදානම් වන බවත් ඈය සදහන් කළා.
දැනට පවතින පනත සහ එහි ව්‍යුහය දේශීය සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමටල ඩිජිටල් ප්‍රවර්ධනයන් භාවිත කිරීමට, ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට හා පාරිභෝගිකයා වෙත හරි ලෙස ළඟා වීමට අපොහොසත් වී ඇති බවත් ඒ හේතුවෙන් වසර 20-30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇත්තේ හෝටල් 2,500ක් පමණ බවද සංචාරක අමාත්‍යාංශය වාර්තා පෙන්වා දෙනවා. ලියාපදිංචි නොවූ සංචාරක සැපැයුම්කරුවන් 20,000-30,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ට සහාය දීමට හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබාදීමට කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවයි එම වාර්තා පෙන්ව දෙන්නේ.
සමීක්ෂණයට සහභාගී වීම සදහා ඔබට කැමති භාෂාවෙන් යුත් ප්‍රවේශය ලබාගන්න
සිංහල – http://fumacrom.com/XKkZ
தமிழ் – http://fumacrom.com/XKof
English – http://fumacrom.com/XKqa
[url=http://cheapdrugs.store/#]best ed pills that work[/url]
tadalafil tablets 20 mg india best price for daily cialis buy tadalafil online