counter hit xanga
October 21, 2021

දොස්තර වෙන්න රට යනවාද? මේකත් බලලා යන්න..

Last Updated on May 6, 2021 by Panduka Herath

අ.පො.ස උසස් පෙළ A/L විභාගයෙන් විෂයයන් 3ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට තිබූ හැකියාව අහෝසි කර තිබේ.පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබේන ගැසට් පත්‍රයක් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය එම අහෝසී කිරිම සිදුකර තිබේ.

ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ.

අංක 2222/69 යටතේ අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබේන ගැසට් පත්‍රය හරහා කලින් නිකුත් කර තිබු ගැසට් පත්‍ර දෙකක් සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වි තිබේ.

එහි සදහන්ව ඇත්තේ 2018 ජනවාරි 26 වැනිදා නිකුත් කරනු ලැබු අංක 2055/54 ගැසට් පත්‍රය මගින් පලකරන ලද 2018 අංක 01 දරණ වෛද්‍ය ප්‍රමිතිය යාම් පිළිබද නියෝග.- අදාළ ගැසට් පත්‍රය ඔබට මෙතනින් කියවිය හැක.

(105 වැනි අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනතේ 72 වැනි වගන්තිය සමග කියවිය යුතු 19 (ඉ) වගන්තිය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විමසා සහ වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචිය ලබා ගැනීමට යම් තැනැත්තෙකුට යම් සුදුසුකමක් පිරිනමන හෝ ප‍්‍රදානය කරන එක් එක් විශ්වවිද්‍යාලයක හෝ ආයතනයක අදහස් සැලකිල්ලට ගෙන සාදන ලද නියෝග.

නියෝග කියවිමට මෙතනින් පිවිසෙන්න

2019 දෙසැම්බර් මස 26 දිනැති අංක 2155/15 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රය මගින් පළ කරන ලද 2018 අංක 01 දරන වෛද්‍ය
(වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප‍්‍රමිතිය පවත්වාගෙන යාම) නියෝගය පිළිබඳ නියෝගය සඳහා සංශෝධන.

2020 වසරේ මර්තු මාසයේ වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී සම්මත වු අතර ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවයි.