Last Updated on May 22, 2021 by Desman Chathuranga
ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට (Avant Garde Maritime Services) එරෙහිව අසාධාරණ ලෙස නඩු පැවරීම හේතුවෙන් ගතවූ වසර පහක කාලය තුළ රටට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් ද 25000ක පමණ පිරිසකට රැකියා ද අහිමි වූ බව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
නිශ්ශංක සේනාධිපති මහතා මේ බව පැවසුවේ ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ පවරා තිබුණු නඩුවෙන් ඊයේ (21) නිදොස්කොට නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
“අවුරුදු පහක් තිස්සේ මේ නඩුව ඇස්සෙව්වා. ඒ වගේම මම කියන්න ඕනෙ, මේ රටට එන්න තිබ්බ ඩොලර් බිලියන ගාණක් චම්පික, රාජිත, අනුර කුමාර සහ අර්ජුන යන අමාත්‍යවරුන් විසින් නැතිකරලා දැම්මා. රණවිරුවන් 25,000කට රැකියා නැතිවුණා. මේ ගරු උගත්, බුද්ධිමත් ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගරු විනිසුරුවරුන් මේ නඩුව අහලා ඔවුන්ගෙ තීරණය මෙලෙස ලබාදුන්නා. මම දැන් අහන්න කැමතියි, රාජිතයි චම්පිකටයි අනුර කුමාරටයි අර්ජුනටයි මේ රටට ඩොලර් බිලියන ගාණක් නැති කරපු එක ගැන, රණවිරුවන්ගෙ රැකියා 25000ක් නැතිකරපු එක ගැන සන්තෝසද කියලා”
[url=http://cheapdrugs.store/#]pills for erection[/url]
sildenafil 100 mg sildenafil citrate tablets 100 mg viagra tablets for men