Last Updated on March 9, 2022 by Desman Chathuranga
විදේශ සංචිත පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකාව මුදල් ඒකකය අවප්‍රමාණය කරයි
ශ්‍රි ලංකාවේ පවතින විදේශ සංචිත අඩු වීමත්, රුපියල ඵලදායි ලෙස අවප්‍රමාණය වීමත් සමඟ ආසියාවේ නරකම උද්ධමනය ඇති රට බවට පත් වෙමින් ලංකාව සිය ණය ගෙවීමට සහ ආනයනයන් සඳහා ගෙවීමට මහත් අරගලයක් සිදු කරමින් සිටි. ශ්‍රි ලංකා මහ බැංකුව පසුගිය සඳුදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ, “”වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයේ වැඩි නම්‍යශීලී බවක් වෙලඳපොලවල් වෙත ලබා දෙනු ඇති” බවයි. ගනුදෙනු කරන ඩොලරයක් සඳහා රුපියල් 230 ක සීමාවක් පනවන බවද මහ බැංකුව මෙහිදී ප්‍රකාශ කළ අතර එය වර්තමාන වෙළඳපොළ මට්ටමට වන රුපියල් 201.49 ට වඩා 12% කින් අඩු වේ.
ශ්‍රි ලංකා මහබැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එහි විදේශ සංචිත හකුලමින් සහ පසුගිය මාසයේ පාරිභෝගික මිල ගණන් 15% කින් ඉහළ දැමීමෙන් පසු වේගවත්ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය බර “තිරසාර නොවන” බවට ප්‍රකාශ කොට තිබියදි ජාතියේ ණය බර ගෙවා දැමීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවති. මේ වන විටත් ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ගෙවීමට විදේශ සංචිත හිඟ වීම විදුලිය කප්පාදුව සහ අනෙකුත් හිඟයන් මතු කොට ඇත.
මහ බැංකුව එහි සංචිත හැකීලීමත් සමඟ රුපියල ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වන බවට වන අනාවැකි මෑතකදී ඉතා වැඩි වැඩියෙන් මතු වීමට පටන් ගත් අතර, මේ වසරේ ජූනි මස අග වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල තව තවත් පහත යන බවත් ඩොලරය රුපියල් 230 කට ද වඩා ඉහළ යන බවත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් පීඑල්සී හි ආර්ථික විද්‍යාඥයින් විසින් අනාවැකි පලකොට ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට වෙළදාමේදි ඩොලරයක අගය රුපියල් 201 සිට 203 දක්වා වන පරාසයක පවත්වා ගෙන ගොස් ඇති අතර, මහබැංකු අධිපති කබ්රාල් එම අගය හදුන්වනු ලබන්නේ “සියලුම පාර්ශවයන්ට සාධාරණ තත්ත්වයක්” බවයි. නමුත් නිල නොවන වෙළදමේදි රුපියල බෙහෙවින් දුර්වල අනුපාතයකින් ගණුදෙණු වූ බව සත්‍ය තත්ත්වයයි. අපනයනකරුවන්ට ඔවුන්ගේ උපැයීම් වලින් 25%ක් පරිවර්තනය කිරීමට මහ බැංකුව විසින් නියෝග කොට ඇති අතර, ආනයනකරුවන්ට ඊනීයා වෙළඳපොලේ දි අපනයනකරුවන්ගෙන් ඩොලර් සෙවීමට බල කෙරුණි.
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසා සිටින්නේ රුපියල නිදහසේ පාවීමට ඉඩ නොදෙන්නේ නම් මිස “සමාන්තර විනිමය අනුපාත” ඉවත් කිරීමට මුදල් අධිකාරියට නොහැකි වනු ඇති බවයි. ඔහු තවදුරත් පවසා සිටින්නේ, මුදල් එකකයට සහය වීම සඳහා තව තවත් මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවයි.
සඳුදා මුදල් නිවේදනයට ටික වේලාවකට පෙර, මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය රඳවා තබා ගැනීම පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 2.31 දක්වා පහත වැටී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ණය මුදලක් ලබා දීම මගහරිමින් සිටින අතරම ලංකාව මේ වන විට ඉන්දියාව සහ චීනය අතර ද්වි පාර්ශවික සම්බන්ධතා පවත්වමින් සිය ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට උත්සහ ගනු ලබයි. මෙලෙස ක්ෂය වෙමින් පවතින විදේශ සංචිත හේතුවෙන් ජූලි මසදි ගෙවීමට නියමිත ණය වාරික ගෙවීම ලංකාවට තව තවත් දුෂ්කර වනු ඇත.බ්ලූම්බර්ග් විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, 2023 අප්‍රේල් මාසයේ කල් පිරෙන ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරය, අඟහරුවාදා හොංකොං වේලාවෙන් පෙරවරු 8:30 වන විට ඩොලරයට සාපේක්ෂව ශත 0.5 කින් ශත 43.3 කින් ඉහළ ගොස් ඇත. සඳුදා මිල ශත 4.6 කින් පහත වැටී ඇති අතර එය 2020 අප්‍රේල් මාසයේ සිට විශාලතම පහත වැටීම බව දත්ත පෙන්වා දෙයි.
More Stories
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ
විදුලි මාෆියාව චම්පික රණවක ඇමතිකමෙන් ඉවත්කළ හැටි