counter hit xanga
October 21, 2021

අසේල සම්පත් CID අත් අඩංගුවට!

Last Updated on June 25, 2021 by Panduka Herath

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටින අසේල සම්පත් නැමත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අසේල සම්පත් නැමත්තා නිවසේ සිටියදී කිසියම් පිරිසක් රැගෙන ගිය බව ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනා. විවිධ අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය හමුවේ සිදුකිරිම හෙතුවෙන් අවස්ථා කිහිපයකදිම් පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අසේල මෙවර අත් අඩංගුවට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නෑ.

ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් මිළදි ගෙන ඇති බවට අසත්‍ය මාධ්‍ය ඉදිරියේ පතුරුවා හැරි සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් නැමැත්තා පසුගියද මාධ්‍ය හමුවක් කැදවා අසත්‍ය ප්‍රකාශයක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන්ද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබුනා.