counter hit xanga

සංවර්ධන නිලධාරිනියට එල්ල කළ ප්‍රහාරය හෙළාදකි!

Last Updated on May 17, 2021 by Desman Chathuranga

රු.5000/- බඩු මළු බෙදීමේ දී සංවර්ධන නිලධාරිනියකට එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පිළියන්දල, දෑල්තර බටහිර වසමේ සංවර්ධන නිලධාරිනියකට මෙසේ පහරදී ඇති අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ට අදාළ වියළි ආහාර සළාක මලු බෙදාදීමේ වැඩසටහනක් නිමරක පැමිණෙමින් සිටින විට ඇයට මෙම පහරදීම සිදුකර තිබේ.

සංවර්ධන නිලධාරිනියකට පහර දීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් සැකකරු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත් යතුරුපැදියකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

ඊයේ (16) රාත්‍රී සිදු කල පහරදීම හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ සංවර්ධන නිලධාරිනිය මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සංවර්ධන නිලධාරී සේවා සංගමය සිය නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ රාජකාරියක් ඉටු කරමින් සිටින මොහොතක සිදුකර ඇති පහරදීමත්, රාජකාරියට බාධා කිරීමත් ඇතුළු කරුණු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමත්, සංවර්ධන නිලධාරීන් ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජීවිත අවධානමකින් තොරව සිය රාජකාරී කිරීමට අවශ්‍ය නිසි පරිසරය සහතික නොකරන්නේ නම් Covid-19 රාජකාරීවලින් ඉවත්වන බවද එම සංගමය වැඩිදුරටත් දන්වා තිබේ.